මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර යටිනුවර සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ කලාපයට අයත් රඹුක්පිටිය කෘෂිකර්ම උපදේශක කොට්ඨාශයේ නාවලපිටිය, දෙකිඳ ග්‍රාමයේ පදිංචි එම්.එම්.සීතා කරුණාරත්න මහත්මිය 2022 වර්ෂයේදී මිරිස් බීජ පොකුරු ගම්මාන වැඩසටහන සඳහා තෝරාගන්නා ලදී. ඒ වන විට ඇය ඉතා කුඩා පරිමාණයෙන් නයි මිරිස් පැළ තවානක් පවත්වා ගෙන යමින් සුළු ආදායමක් ලබමින් සිටියාය. ඉහත වැඩසටහන යටතේ වර්ග අඩි 1500ක ආරක්ෂිත ගෘහයක් ලබා දී දෙමුහුන් මිරිස් බීජ නිෂ්පානයට යොමු කෙරුණි. 30% ගොවි දායකත්වය යටතේ බිංදු ජල සම්පාදන පද්ධතියක්ද, පරාග ගබඩා කිරීමට අවශ්‍ය ඩෙසිකේටර නොමිලේ ලබාදුණි.
• ආරම්භයේ සිටම මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණික දායකත්වය ලබාදුන් අතර අවශ්‍ය අවස්ථා වලදී මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග පර්යේෂණ ආයතනය හා ගන්නෝරුව උද්‍යාන බෝග පර්යේෂණ ආයතනය, ගන්නෝරුව බීජ සහතික සහතික කිරීමේ සේවය සපයන ආයතන වලින් තාක්ෂණික උපදෙස් ලබා දීමටද මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෂේත්‍ර නිලධාරීන්ගේ තාක්ෂණික උපදෙස් ලබාදීමට කටයුතු කරන ලදී.
• මෙම ව්‍යාපෘතිය මගින් ලැබුණු ආදායම, 2026 වර්ෂය වන විට ඇය මිරිස් බීජ නිෂ්පානය ආරක්ෂිත ගෘහ 6ක් දක්වා (ව.අ.7000) වර්ධනය කරගෙන ඇත.වර්තමානයේදී මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබාගනිමින් ඇය වාර්ෂිකව MICH Hy 01 මිරිස් බීජ 40Kg ක් පමණ නිෂ්පාදනය කරමින් වාර්ෂිකව ලක්ෂ 60ක පමණ ආදායමක් ලබමින් සාර්ථක ලෙස බීජ නිෂ්පාදනය කරමින් ජීවිතය ජය ගෙන ඇත.


