දුරකථන

+94 81 238 8951
+94 81 238 8951
+94 81 238 8951

ඊමේල්

centprovag@gmail.com
info@agridept.cp.gov.lk

කාර්යාල ලිපිනය

තැ.පෙ. 64, සරසවි මාවත,
පේරාදෙණිය

අප ගැන - හැදින්වීම

දැක්ම, මෙහෙවර, අරමුණු සහ සංවිධාන ව්‍යුහය

අප ගැන

පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව - මධ්‍යම පළාත

පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය ප්‍රධාන මෙහෙයුම් ඒකකය වශයෙන් ස්ථාපිත කර ඇත. ඒ යටතේ මධ්‍යම පළාතට අයත් පරිපාලන දිස්ත්‍රික්ක පදනම් කරගෙන උප කාර්යාල 3ක් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාල වශයෙන් ස්ථාපිත කර ඇත. එම දිස්ත්‍රික් කාර්යාල නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂවරයෙකු යටතේ පාලනය වන අතර, ප්‍රාදේශීය පරිපාලන ව්‍යූහයන් වේ. එක් එක් දිස්ත්‍රික්කයක නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාල යටතේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාල, කෘෂිකර්ම උපදේශකවරුන්, තාක්ෂණ සහයක (කෘෂි ව්‍යාප්ති) ක්ෂේත්‍ර නිලධාරීන් වශයෙන් කටයුතු කරන අතර, පුහුණු මධ්‍යස්ථාන හා අනුබද්ධ වූ ගොවිපල් 04ක් පළාත තුළ ඇත. දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාල, ප්‍රාදේශීය පරිපාලන ඒකක ලෙස පවත්වා ගෙන යනු ලබයි.

බලතල ලැබී ඇති ආකාරය

  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය
  • 1987 අංක 42 දරණ පළාත් සභා පනත
  • 1990 අංක 11 දරණ මධ්‍යම පළාත් කෘෂිකර්ම ප්‍රඥප්තිය

සේවා සපයන වෙනත් ආයතන

මහනුවර නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය

ලිපිනය: තැ.පෙ. 20, සරසවි මාවත, පේරාදෙණිය.
දුරකථන අංකය: 081-2384154
ෆැක්ස් අංකය: 081-2384154

වැඩි විස්තර

මාතලේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය

ලිපිනය: MC පාර, මාතලේ.
දුරකථන අංකය: 066-3295009
ෆැක්ස් අංකය:

වැඩි විස්තර

නුවරඑළිය නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය

ලිපිනය: හාවාඑළිය, නුවරඑළිය.
දුරකථන අංකය:
ෆැක්ස් අංකය:

> වැඩි විස්තර

දැක්ම

පලාත තුල තිරසර බෝග නිෂ්පාදනයකට සහය වන ගතික, නව්‍ය සහ සමෘද්ධිමත් බෝග නිෂ්පාදන පද්ධතියක් පවත්වා ගැනිම



මෙහෙවර

නවීන හා තිරසර කෘෂිකාර්මික පිළිවෙත් භාවිතය තුලින් ඉහල නිෂ්පාදන ඵලදායිතාවයකින් හා ඉහල ගුණාත්මයෙන් යුතු බෝග නිෂ්පාදනයක් මගින් මධ්‍යම පළාතේ කෘෂි ව්‍යවසායකයින්ගේ ජීවන තත්වය හා වෘත්තියභාවය ඉහල නැංවිමට කටයුතු කිරිම.

ප්‍රධාන අරමුණු

  • කෘෂිකාර්මික නිෂ්පාදන වල නිෂ්පාදනය හා නිෂ්පාදන ඵලදායිතාවය ඉහල නැංවීම.
  • කෘෂිකාර්මික නිෂ්පාදනවල අපනයන හා වාණිජ වෙළඳපොල විභවය ඉහල නැංවීම.
  • පරිසර හිතකාමි තිරසර කෘෂිකාර්මික යෙදවුම් භාවිතය දිරි ගැන්වීම.

සංවිධාන ව්‍යුහය

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්තුමාගේ පණිවිඩය

ජී.එච්.එම්.ඒ. ප්‍රේමසිංහ

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්

එච්. එම්. යු. ඒ. ජී. ජයලත් බණ්ඩාර

පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ - මධ්‍යම පළාත

මධ්‍යම පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂතුමාගේ පණිවිඩය

මධ්‍යම පළාතේ කෘෂිකාර්මික සංවර්ධනය, ආහාර සුරක්ෂිතතාව සහ කෘෂි ව්‍යවසායකයින්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම අරමුණු කරගත් ප්‍රධාන ආයතනයක් ලෙස මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලබයි. පළාතේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය නවීන තාක්ෂණ

ය, තිරසර කළමනාකරණ ක්‍රමවේද සහ ගුණාත්මක සේවා සැපයුම සමඟ ඉදිරියට ගෙන යාම සඳහා අප දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් කැපවී සිටී.

මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන පරිපාලන දිස්ත්‍රික්ක තුනම ආවරණය වන පරිදි, මධ්‍යම පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය ප්‍රධාන මෙහෙයුම් ඒකකය ලෙස ක්‍රියාත්මක වන අතර, දිස්ත්‍රික් මට්ටමින් ස්ථාපිත නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාල තුනක් හරහා කෘෂිකාර්මික සේවා ජනතාව වෙත සමීප කර ඇත. එමෙන්ම, සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාල, කෘෂිකර්ම උපදේශක සේවා, තාක්ෂණ සහයක (කෘෂි ව්‍යාප්ති) නිලධාරීන්, පුහුණු මධ්‍යස්ථාන සහ අනුබද්ධ ගොවිපළ මඟින් ගොවි ජනතාව වෙත කාර්යක්ෂම හා ප්‍රායෝගික සේවාවක් ලබාදීමට අප කටයුතු කරමු.

අපගේ මෙහෙවර වන්නේ නවීන හා තිරසර කෘෂිකාර්මික පිළිවෙත් ප්‍රවර්ධනය කරමින්, ඉහළ නිෂ්පාදන ඵලදායිතාවයකින් හා උසස් ගුණාත්මකභාවයකින් යුතු බෝග නිෂ්පාදනයක් තුළින් මධ්‍යම පළාතේ කෘෂි ව්‍යවසායකයින්ගේ ජීවන තත්ත්වය සහ වෘත්තීයභාවය ඉහළ නැංවීමයි. එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා කෘෂිකාර්මික නිෂ්පාදන හා නිශ්පාදන ඵලදායිතාව ඉහල නැංවීම , තාක්ෂණය හදුන්වාදීම තුලින් වෙළදපල සංවර්ධනය , කෘෂිකාර්මික කර්මාන්ත ප්‍රවර්ධනය , හා ධාරිතා සංවර්ධනය යන අංශ හරහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.

වර්තමාන ලෝකයේ තාක්ෂණික හා දේශගුණික අභියෝග හමුවේ, නවෝත්පාදන කෘෂිකර්මය හා දැනුම මත පදනම් වූ ගොවි සංවර්ධනය අත්‍යවශ්‍ය වී ඇත. ඒ අනුව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතයෙන් සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, ගොවි ජනතාවට කඩිනම් තොරතුරු සහ උපදේශන සේවා ලබාදීම සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා හඳුන්වාදීම සඳහා අප විශේෂ අවධානය යොමු කර ඇත.

මධ්‍යම පළාතේ කෘෂිකර්මය තවදුරටත් ශක්තිමත් කරමින්, ගොවි ජනතාවගේ ආර්ථික සුරක්ෂිතභාවය සහ රටේ ආහාර සුරක්ෂිතතාව සඳහා දායක වන තිරසර කෘෂිකාර්මික පද්ධතියක් ගොඩනැගීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය අපේක්ෂා කරමි.

අප අමතන්න

අපගේ ස්ථානය

Copyright © 2026 CP Agriculture | Powered by Pixalogy (PVT) Ltd.