දුරකථන

+94 81 238 8951
+94 81 238 8951
+94 81 238 8951

ඊමේල්

centprovag@gmail.com
info@agridept.cp.gov.lk

කාර්යාල ලිපිනය

තැ.පෙ. 64, සරසවි මාවත,
පේරාදෙණිය

නාලන්ද දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය හා ගොවිපල සංවර්ධනය

නාලන්ද දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය දිගු කලක පටන් ප්‍රදේශයේ ගොවීන්ගේ බීජ හා රෝපණ ද්‍රව්‍ය අවශ්‍යතාවය මෙන්ම අවශ්‍ය තාක්ෂණික පුහුණු අවශ්‍යතාවයන්ද සපුරාලමින් ප්‍රදේශයට මහගු සේවාවක් ඉටු කරමින් සිටී. එසේම වසරකට සිසුන් 25 දෙනෙකු NVQ -4 කෘෂී ක්ෂෙත්‍ර සහකාර පඨමාලාව අවසන් කර කෘෂි ක්ෂේත්‍රයේ රැකියාවන් සඳහා යොමු වේ. ආයතනය තුල බිම්මල් බීජ නිෂ්පාදන විද්‍යාගාරය, බිම්මල් නිෂ්පාදනය, පාංශු විද්‍යාගාර පහසුකම් සැලසීම, ආරක්ෂිත ගෘහ ආදී තාක්ෂනික නිෂ්පාදන ඒකක රාශියක් හා විවෘත වගා ක්ෂේත්‍රයන්ද අක්කර 13ක් පුරාවට පැතිරී ඇත. මෙම නිෂ්පාදන ඒකක තුල කටයුතු කිරීමේදී ගොවිපල් යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීම සාමාන්‍ය යෙන් සිදුවේ. මෙම ගොවිපල තුල දෛනිකව සේවකයින් 13ක් පමන හා පුහුණු පාඨමාලා හදාරන සිසුන් රාශියක් ගොවිපල යන්ත්‍ර සූත්‍ර භාවිතා කරමින් තමන්ට පැවරෙන කාර්යයන් ඉටුකරනු ලබයි. එසේම විද්‍යාගාරවල උපකරණ භාවිතා කිරීමේදි තෙකලා විදුලි පහසුකම් පැවතීම අත්‍යාවශ්‍ය බැවින් 2025 වර්ෂයේදි ඒ් සඳහා විදුලි බල මණ්ඩලය වෙතින් ඉල්ලීම් කරන ලදි. ඒ් අනුව ගොවිපල වෙත තෙකලා විදුලි පහසුකම් ලබා ගැනීමට අදාල විදුලි බල මණ්ඩලයේ ඇස්තමේන්තුව මේවන විට අප‌වෙත ලබා දී ඇත. තවද තෙකලා විදුලි පහසුකම් ගොවිපලවෙත ලබා ගැනීමේදි ගොවිපල විදුලි පද්ධතියද ඒ් අනුව සකස් කර ගතයුතුව ඇත.
යන්ත්‍රසූත්‍ර භාවිතා කිරීම තුලින් ගොවිපල කටයුතු කාර්යක්ෂම කරගැනීමට හැකිවේ. එමෙන්ම නිෂ්පාදනයේ ප්‍රමාණය හා ගුණාත්මය ඉහල නංවාගැනීමේ හැකියාවක්ද පවතී. එම නිසා ගොවිපලට මේ වන විට අඩුවක්ව පවතින උපකරණ ද්‍රව්‍ය හා උපකරන කිහිපයක් මිලදී ගැනීම මෙමගින් අපේක්ෂා කරන අතර ඒ හරහා ගොවිපල නිෂ්පාදන ධාරිතාවය ඉහල නැංවීම ගොවිපල කාර්යන් වඩා කාර්යක්ෂම කර ගැනීම හා නිෂ්පාදන වල ගුණාත්මය ඉහල නැංවීම යන කාරණා අපේක්ෂා කෙරේ.
තෙකලා විදුලිය ලබාගැනීම තුලින් දැනට පවතින නිෂ්පාදින ධාරිතාවය ඉහළ නන්වා ගැනීම මඟින් ගොවිපල ආදායම වැඩි කරගැනීමට හැකිවේ. තවද යන්ත්‍ර සුත්‍රවල කල් පැවැත්මද පවත්වාගැනීමට හැකිවේ.

අප අමතන්න

අපගේ ස්ථානය

Copyright © 2026 CP Agriculture | Powered by Pixalogy (PVT) Ltd.