කෘෂි ව්‍යාපාර ඒකක පිහිටුවීම
මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ මහනුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන වෙළඳපොළ සමඟ සාර්ථකව සම්බන්ධ කිරීම හා ඔවුන්ගේ ආදායම් වැඩි කිරීමයි. වර්තමානයේ ගොවීන් මිල ස්ථාවර නොවීම, වෙළඳපොළ තොරතුරු අඩුව, ව්‍යාපාර කළමනාකරණ දැනුම සීමිත වීම සහ අතරමැදියන් මත යැපීමට සිදුවීම වැනි ගැටළු මුහුණ දීමට සිදුව ඇත.
මෙම ගැටළු විසඳීම සඳහා ගොවීන්, ගොවි සංවිධාන සහ සමුපකාර සංගම් සඳහා කෘෂි ව්‍යාපාර කළමනාකරණය, වෙළඳපොළ විශ්ලේෂණය සහ නිෂ්පාදන අලෙවි කිරීම පිළිබඳ පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ඇත. එමෙන්ම ගොවි සංවිධාන ශක්තිමත් කරමින් වෙළඳපොළ සම්බන්ධතා වර්ධනය කිරීමද සිදු කරයි.
මෙම ව්‍යාපෘතිය මඟින් ගොවීන්ගේ ව්‍යාපාරික හැකියාවන් වර්ධනය කර නිෂ්පාදනවල වාණිජ වටිනාකම ඉහළ නැංවීම, ස්ථාවර ආදායම් මාර්ග සකස් කිරීම සහ තිරසාර වෙළඳපොළ සම්බන්ධතා නිර්මාණය කිරීම අපේක්ෂා කරයි.