බීජ නිෂ්පාදන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

බිත්තර වී නිෂ්පාදනය, කුරක්කන් බීජ නිෂ්පාදනය, මුං බීජ නිෂ්පාදනය, අර්තාපල් බීජ නිෂ්පාදනය, ලොකු ළුණු බීජ නිෂ්පාදන, එළවළු බීජ නිෂ්පාදනය කරන ගොවීන් සඳහා පහසුකම් සැලසීම, බීජ නිෂ්පාදන පුහුණු වැඩසටහන් , දැනුවත් කිරීමේ වැඩසටහන් හා ක්ෂේත්‍ර දිනපැවැත්වීම

බිත්තර වී නිෂ්පාදනය

මධ්‍යම පළාත තුල වී වගා වපසරිය 2025යල ——– සහ 2025/26 මහ—— වේ.(මූලාශ්‍රය —) මධ්‍යම පලාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම මත 2025 යල සහ2025/26 මහ කන්න තුල බිත්තර වී ගොවිපලවල් ——— ප්‍රමාණයක් සහ ස්වයන් බිත්තර වී නිෂ්පාදනයට යොමු කිරීම සඳහා 2kg /1 පැකට් ————–ලබා දෙන ලදි. 2026 යල සහ 2026/27 මහ කන්නවල බිත්තර වී ගොවිපලවල් (අක්කර 01,අක්කර ½ ගොවිපලවල්) 589ක් (මහනුවර – ගොවිපලවල් -235, මාතලේ – ගොවිපලවල් -320,නුවරඑළිය – ගොවිපලවල් -34 ) සහ ස්වයන් බිත්තර වී නිෂ්පාදනයට යොමු කිරීම සඳහා 2kg /1 පැකට් 3200ක් ලබා දීමට සැලසුම් කර ඇත.

2026 යල සහ 2026/27 මහ කන්නවල නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත බිත්තර වී ප්‍රමාණය ———-වේ. ඒ අනුව මධ්‍යම පළාතට අයත් මහනුවර ,මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල පළාතේ බිත්තර වී අවශ්‍යතාවෙන් 25%කට අවශ්‍ය බිත්තර වී නිෂ්පාදනය සඳහා පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණික මග පෙන්වීම මත සහතික බිත්තර වී නිෂ්පාදනය යල සහ මහ කන්න දෙක තුලම වාර්ෂිකව නිෂ්පාදනය කරනු ලබයි. මෙහිදී පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම මත බිත්තර වී ගොවිපලවල් සඳහා අවශ්‍ය කරන ලියාපදිංච් බිත්තර වී 50% රජයේ දායකත්වය මත ලබා දෙන අතර ඒ සඳහා අවශ්‍ය ඇසුරුම් මළු නොමිලේ ලබා දීම සිදු කරනු ලබයි. අවශ්‍ය තාක්ෂණික මග පෙන්වීම හා ගොවිපලවල් අධික්ෂණ කටයුතු දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරීන් හා කලාප භාර සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂවරු මගින් සිදුවන අතර සහතික බිත්තර වී නිෂ්පාදන ගොවි‍පලවල් ලෙස බීජ සහතිකකිරීමේ සේවයේ ලියාපදිංච් කර කන්නය අවසානයේ ගුණාත්මක සහතික බිත්තර වී ලෙස පළාතේ වී වගා කරන ගොවිනට ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත. ගුණාත්මක බිත්තර වී නිෂ්පාදනය සඳහා අවශ්‍ය යහපත් කළමණාකරන ක්‍රම හදුන්වා දීම මගින් ‍බීජ සහතික කිරීමේ සේවය මගින් බිත්තර වී සහතික කිරීමේදී ගොවිපලවල් අසමත් වීම අවම කර ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමද මෙම වැඩස‍ටහන මගින් සිදුකරනු ලබයි. එනම් බිත්තර වී පිරිසුදු කරන යන්ත්‍ර, කමත් ඇසුරුම්, බිත්තර වී ඇසුරුම් මළු මහන යන්ත්‍ර වැනි යෙදවුම් 50% ‍රජයේ දායකත්වය මත බිත්තර වී නිෂ්පාදකයින් වෙත ලබා දීමද මෙම වැඩසටහන මගින් සිදුකරනු ලබයි.

මීට අමතරව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නව ප්‍ර‍භේද ලෙස වාර්ෂිකව නිදහස් කරන නව ප්‍ර‍භේද මෙන්ම ගොවීන් අතර වැඩි ඉල්ලුමක් ඇති ප්‍ර‍භේද ප්‍රචලිත කිරිම සඳහා 1kg/2kg පැකට් ලෙස වී වගාවේ යෙදෙන ගොවීන් වෙත නොමිලේ ලබා දීමටද කටයුතු කරනු ලබයි. මෙමගින් එම ගොවීනට ඉදිරි කන්නයේ තම වගාව සඳහා අවශ්‍ය ගුණාත්මක බිත්තර වී තමා විසින්ම නිපදවා ගැනීමට අවස්ථාව ලැබෙන අතර බිත්තර වී සඳහා වැයකිරීමට සිදුවන මුදල ඉතිරිකර ගැනීමටද අවස්ථාවක් ලැබේ.

වී වගාවට අවශ්‍ය කරන බිත්තර වී අවශ්‍යතාවෙන් 25% රජයේ මැදිහත් වීමෙන්ද 75% ‍ ගොවීන් විසින් සපයා ගැනිම මගින්ද සිදුකරනු ලබයි. වී අස්වැන්න ඉහළ නැංවීම සඳහා සෑම කන්න 3කට වරක්ම දැනට භාවිතා කරන බිත්තර වී අලුත් කිරීම අත්‍යවශ්‍ය වේ. එබැවින් සෑම වර්ෂයකම බිත්තර වී නිෂ්පාදනය අඛණ්බවම සිදුකිරීම අත්‍යාවශ්‍ය වේ.

සෑම කන්න 03කටම වරක් වගා කරන බිත්තර වී අළුත් කල යුක්තේ ඇයි ?

  • වගාව සඳහා භාවිතා කරන බිත්තර වී වල පාරිශුද්ධතාව පවත්වාගෙන යාමට.
  • වෙනත් ප්‍රභේධ, වල් බීජ, වල් වී මිශ්‍ර වීම නිසා වන බිත්තර වී වල ගුණාත්මය අඩුවීම පාලනය කිරීමට.
  • බීජවල දිරිය පවත්වාගෙව යාමට.
  • කාලගුණික වෙනස්වීම්, වල් බීජ සහ සහතික කිරීමේ ගැටළු වැනි අභියෝග තිබුණද, ගුණාත්මක බිත්තර වී නිෂ්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වේ. එසේ නොවුවහොත් අස්වැන්න අඩුවීම හා නිෂ්පාදන වියදම් වැඩිවීම වැනි ගැටළු ඇති විය හැක.

ගුණාත්මක බිත්තර වී පළාත තුල නිෂ්පාදනය කිරීමේ වැදගත්කම

  • ගුනාත්මක බිත්තර වී සුලභතාව වැඩි කිරීම මගින් වී වගාවේ අස්වනු ඉහල නැංවීම
  • වී වගාවේ යෙදෙන ගොවීනට සාධාරණ මිළකට බිත්තර වී ලබා ගැනීමේ අවස්ථාව ලැබීම.
  • බිත්තර වී නිෂ්පාදනයේ යෙදෙන කෘෂි ව්‍යවසායකයින් බිහිවීම.

කුරක්කන් බීජ නිෂ්පාදනය

ශ්‍රී ලංකාවේ අතිරේක ආහාර බෝග ආනයනය සඳහා විශාල විදේශ විනිමයක් වැය වන බැවින්, එය අවම කිරීම සඳහා දේශීය නිෂ්පාදනය වැඩි කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා ගුණාත්මක බීජ දේශීයව නිෂ්පාදනය කිරීම ප්‍රධාන කරුණක් වේ. 2026 යල කන්නයේදී මාතලේ දිස්ත්‍රික්කයේ වේරගම, බණ්ඩරපොල හා ඇල්කඩුව ප්‍රදේශවල අක්කර 07ක භූමි ප්‍රමාණයක කුරක්කන් බීජ නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇත. මෙම වැඩසටහන මගින් ගොවීන් දිරිගන්වමින් ආහාර සුරක්ෂිතතාව වැඩි කිරීමටත්, විදේශ විනිමය ඉතිරි කිරීමටත් සහ ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීමටත් උපකාරී වේ. 2027 යල කන්නයේදී කුරක්කන් බීජ කිලෝ 2800ක් නිෂ්පාදනය කර අක්කර 930ක් වගා කිරීමට හැකි වන අතර, දිස්ත්‍රික් අවශ්‍යතාවයෙන් පසු ඉතිරි ප්‍රමාණය වෙනත් දිස්ත්‍රික්ක වෙත අලෙවි කිරීමට අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘතිය දිගුකාලීනව තිරසාර වන අතර, දේශීය බීජ නිෂ්පාදනය මඟින් ආනයනය අවම කරමින් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකියාව ඇත. මෙහි අරමුණු වන්නේ කුරක්කන් බීජ දේශීයව නිෂ්පාදනය කිරීම, ආනයනය අවම කර විදේශ විනිමය ඉතිරි කිරීම, සහ බීජ නිෂ්පාදකයන්ගේ ආදායම වැඩි කිරීමයි.

මෙම ව්‍යාපෘතිය සඳහා අක්කර ½ බැගින් කුරක්කන් බීජ නිෂ්පාදනය කරන ගොවිපල් 14ක් සඳහා ගොවීන් 14 දෙනෙකු තෝරාගැනීමට සැලසුම් කර ඇත.2026 වසරේදි බීජ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ගුණාත්මක බීජ ගොවීන් වෙත නොමිලේ ලබා දෙන අතර තාක්ෂණික දායකත්වය පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ත නිලධාරීන් මගින් ලබා දීමට සැපසුම් කර ඇත.

මුං බීජ නිෂ්පාදනය

මෙම ව්‍යාපෘතිය 2026/27 මහ කන්නයේදී මුං වගාව ප්‍රවර්ධනය කිරීම, දිළිඳුකම සහ මන්දපෝෂණය දුරු කිරීම, ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වේ. 2026 වර්ෂයේදී මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මුං බීජ 364kgක් 50% රජයේ දායකත්වයෙන් ගොවීන් වෙත ලබා දී, වගා කටයුතු සඳහා තාක්ෂණික සහය ලබා දී බීජ නිෂ්පාදන කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇත. මුං බීජ ආනයන වියදම් අඩු කිරීම සඳහා දේශීයව මුං බිජ නිෂ්පාදනය වැදගත් වේ. මාතලේ දිස්ත්‍රික්කයේ සුදුසු කෘෂිකාර්මික ප්‍රදේශ තුළ නිෂ්පාදිත බීජ ගොවීන්ට ලබාදීම මගින් දේශීය මුං අවශ්‍යතාව සපුරා, ආනයනය අවමකිරීම මගින් විදේශ විනිමය ඉතිරි කර ගැනීමට හැකි වේ. එමෙන්ම ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමද මෙයින් සිදු වේ. අපේක්ෂිත නිමැවුම ලෙස, දේශීය ගුණාත්මක මුං බීජ 16,000kg නිෂ්පාදනය කර, අක්කර 2,000 ක වගාවන් සඳහා භාවිතා කර, ජාතික නිෂ්පාදනයට මුං ටොන් 800 එකතු කිරීමට සැලසුම් කර ඇත. බීජ නිෂ්පාදනය අඛණ්ඩව සිදු කිරීම මගින් නිෂ්පාදන වියදම අඩු වීම, ඒකක නිෂ්පාදනය වැඩි වීම සහ වෙළඳපලේ මුං සුලභ වීම මෙන් ම පාරීබෝගිකයින්ට සහන මිළකට මිලදී ගැනීමටද අවස්ථාව සැලසීම සිදුවේ. ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය තුළ අත්දැකිම් ඇති ගොවීන් තෝරා බීජ නිෂ්පාදනය, 50% රජයේ දායකත්වයෙන් බීජ ලබා දීම, කෘෂිකර්ම උපදේශකගේ මග පෙන්වීම සහ අධීක්ෂණය යටතේ බීජ නිෂ්පාදනය, වගාවන් ලියාපදිංචි කිරීම සහ බීජ සහතික කිරීම, 2027 යල කන්නයට අවශ්‍ය සහතික බීජ නිෂ්පාදනය සිදුකිරීම මෙම ව්‍යාපෘථිය මගින් සිදුකිරීමට සැපසුම් කර ඇත.

අර්තාපල් බීජ නිෂ්පාදනය

ශ්‍රී ලංකාවේ බීජ අර්තාපල් අවශ්‍යතාවය විශාල ප්‍රමාණයක් ඇති අතර, එහි සැලකිය යුතු කොටසක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පැමිණේ. එහෙත් ගොවීන් විසින් නිෂ්පාදනය කරන බීජ අර්තාපල් බොහෝවිට ගුණාත්මකභාවයෙන් පහළ වන අතර, නිසි ගබඩා පහසුකම් හා තත්ත්ව පාලනය නොමැති වීම හේතුවෙන් අස්වැන්න අඩුවේ.

මෙයට විසඳුමක් ලෙස අඩු උෂ්ණත්වයේ ගබඩා කිරීම සහ ප්ලාස්ටික් කූඩ වැනි සුදුසු ඇසුරුම් ක්‍රම භාවිතා කිරීම මඟින් බීජයේ ගුණාත්මකභාවය රැක ගැනීම යෝජනා කර ඇත. එමෙන්ම ගොවීන්ට ගුණාත්මක බීජ අර්තාපල් නිෂ්පාදනය සඳහා උපදෙස් හා ආධාර ලබාදීමද මෙම ව්‍යාපෘතියේ අංගයන් වේ.

මෙම වැඩසටහන මඟින් ගොවීන්ට තම ක්ෂේත්‍රය තුළම ගුණාත්මක බීජ නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබීම, අස්වැන්න වැඩිවීම, වගා හානි අඩු වීම සහ පසු අස්වනු තාක්ෂණ දැනුම වර්ධනය කිරීම අපේක්ෂා කරයි.
එසේම දේශීය බීජ නිෂ්පාදනය වර්ධනය කර ආනයන අවශ්‍යතාවය අඩු කිරීම සහ රටේ ආහාර සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ඉලක්කය වේ

ලොකු ළුණු බීජ නිෂ්පාදන

මාතලේ දිස්ත්‍රික්කයේ ලොකුළූණු බීජ නිෂ්පාදනය ජාතික අවශ්‍යතාවයට වැදගත් දායකත්වයක් දක්වයි. වාර්ෂික බීජ අවශ්‍යතාවය කිලෝග්‍රෑම් 40,000ක් පමණ වන අතර එයින් 30%ක් මාතලේ දීස්ත්‍රික්කය තුල නිෂ්පාදනය වේ. ගොවීන් 1,300ක් පමණ මෙම කර්මාන්තයට සම්බන්ධ වන අතර ඉන් 200ක් මහා පරිමාණ ගොවීන් වේ.
අහිතකර කාලගුණය හා මිල පහත වැටීම හේතුවෙන් වගා වපසරිය අඩු වුවද, 2024 සිට නැවත වැඩි කිරීම සඳහා පියවර ගෙන 2025 වනවිට හෙක්ටයාර් 1009 දක්වා වර්ධනය කිරීමට හැකි වී ඇත. 2026 සඳහා හෙක්ටයාර් 1800ක ඉලක්කයක් පවත්වාගෙන යාමට බලාපොරොත්තු වේ. එ සඳහා බීජ කි.ග්‍රෑ. 108,000ක් අවශ්‍ය වේ.
මහ කන්නයේ වැසි ගැටළුව හේතුවෙන් වැසි ආවරණ සහ වෙනත් යෙදවුම් 50% සහනාධාරයක් (උපරිම රු. 300,000) යටතේ ගොවීන්ට ලබාදීමට යෝජිතය.
මෙම ව්‍යාපෘතියේ අරමුණු වන්නේ බීජ නිෂ්පාදනය වැඩි කිරීම, ගොවීන් දිරිගැන්වීම, අස්වැන්න වැඩි කිරීම, තාක්ෂණික දැනුම ලබාදීම සහ නිෂ්පාදන වියදම් අඩු කිරීමයි.

පළාතේ එළවළු නිෂ්පාදන ඉලක්ක ලඟාකර ගැනීම සඳහා එළවළු බීජ නිෂ්පාදනය කරන ගොවීන් සඳහා පහසුකම් සැලසීම

මධ්‍යම පළාත උඩරට මෙන්ම පහතරට එළවළු වගාවටද ඉහල දායකත්වයක් ලබාදෙන පළාතක් වේ. එළවළු වගාව ගොවීන්ගේ ප්‍රධාන ජීවිකා මාර්ගයක් වන අතර ජාතික ආර්ථිකයටද වැදගත් දායකත්වයක් ලබාදේ. එහෙත් ගුණාත්මක බීජ හිඟය, අඛණ්ඩ සැපයුම් ගැටළු සහ බීජ ලබා ගැනීම විදේශ ආනයන මත රඳාපැවතීම නිසා එළවළු නිෂ්පාදනයට බාධා ඇතිවේ. මෙම තත්ත්වය මත මධ්‍යම පළාතේ පරිසරයට ගැලපෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිදහස් තර ඇති වැඩි අස්වනු ලබා දෙන ගුණාත්මක එළවළු බීජ දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය සැලසුම් කර ඇත. මෙය මගින් නිෂ්පාදන වියදම් අඩු කිරීම, අස්වැන්න වැඩි කිරීම, සහ විදේශ විනිමය ඉතිරි කිරීම අපේක්ෂා කෙරේ. තවද, දේශීය බීජ නිෂ්පාදනය මගින් රෝග හා පළිබෝධවලට ඔරොත්තු දෙන, පරිසරයට ගැලපෙන බීජ වර්ග ලබාගැනීමට හැකි වන අතර, බීජ නිෂ්පාදන ව්‍යවසායකයින් බිහිවීමෙන් ස්වයං රැකියා අවස්ථාද වර්ධනය වේ. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ මධ්‍යම පළාතේ එළවළු නිෂ්පාදනය වැඩි කිරීම වන අතර, නව ප්‍රභේද ප්‍රචලිත කිරීම, ගුණාත්මක බීජ වෙළඳපොළ සුලභ කිරීම, තිරසාර බීජ නිෂ්පාදන ජාලයක් ඇති කිරීම සහ රැකියා අවස්ථා වර්ධනය කිරීම යන අනු අරමුණු ඇතුළත් වේ. ව්‍යාපෘතිය යටතේ සුදුසු ප්‍රදේශ හා බීජ වර්ග තෝරා ගැනීම, ගොවීන් හඳුනාගෙන පුහුණු කිරීම, මූලික බීජ ලබාදීම, බීජ නිෂ්පාදනය හා සහතික කිරීම, සහ වෙළඳපොළට නිකුත් කිරීම වැනි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කෙරේ.

බීජ නිෂ්පාදන පුහුණු වැඩසටහන් , දැනුවත් කිරීමේ වැඩසටහන් හා ක්ෂේත්‍ර දින පැවැත්වීම

2026වර්ෂයේ මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ මධ්‍යම පළාතේ (මහනුවර හා මාතලේ දිස්ත්‍රික්ක) බීජ නිෂ්පාදනයේ යෙදෙන ගොවීන්ගේ ආදායම වැඩි කිරීම, ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම සහ තිරසාර කෘෂිකර්මයක් ප්‍රවර්ධනය කිරීමයි. එහිදී බීජ අර්තාපල්, බිත්තර වී, ලොකු ළූණු, මිරිස්, මුං සහ කුරක්කන් වැනි වටිනා බෝග සඳහා නවීන තාක්ෂණ, වගා කළමනාකරණය, රෝග පාලනය, පෝෂක කළමනාකරණය සහ ගබඩා කිරීම පිළිබඳ පුහුණු සහ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘතිය මඟින් ගොවීන්ගේ දැනුම හා කුසලතා වර්ධනය වී, අඩු පිරිවැයකින් වැඩි නිෂ්පාදනයක් ලබා ගැනීමට හැකි වේ. තවද, උසස් තත්ත්වයේ දේශීය බීජ නිෂ්පාදනය ව්‍යාප්ත කිරීමෙන් බීජ ආනයනය අවම කර විදේශ විනිමය ඉතිරි කිරීමට ද සහ ජාතික ආර්ථිකයට දායක වීමට ද හැකියාව ලැබේ. වර්ෂය අවසානයේ දේශියව නිෂ්පාදනය කරන උසස් ගුණාත්මයෙන් යුත් ගුනාත්මක බීජ වෙළඳපල සුලභ වීම මගින් ගොවීන්ගේ ජීවන තත්ත්වය උසස් කරමින්, පාරිසරික හා ආර්ථික වශයෙන් තිරසාර කෘෂිකාර්මික පද්ධතියක් ගොඩනැගීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අපේක්ෂාව වේ.

Rojecting surrounded literature yet delightful alteration
bed men. If must snug by upon sang loud left.

About

Our Mission

Our Vision

Link 2

Support

Services

Projects

Testimonials

Newsletter Signup

Quick Links

Link 1

Link 2

Copyright © 2026 CP Agriculture | Powered by Pixalogy (PVT) Ltd.