මධ්‍යම පළාත තුල වී වගා වපසරිය 2025යල ——– සහ 2025/26 මහ—— වේ.(මූලාශ්‍රය —) මධ්‍යම පලාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම මත 2025 යල සහ2025/26 මහ කන්න තුල බිත්තර වී ගොවිපලවල් ——— ප්‍රමාණයක් සහ ස්වයන් බිත්තර වී නිෂ්පාදනයට යොමු කිරීම සඳහා 2kg /1 පැකට් ————–ලබා දෙන ලදි. 2026 යල සහ 2026/27 මහ කන්නවල බිත්තර වී ගොවිපලවල් (අක්කර 01,අක්කර ½ ගොවිපලවල්) 589ක් (මහනුවර – ගොවිපලවල් -235, මාතලේ – ගොවිපලවල් -320,නුවරඑළිය – ගොවිපලවල් -34 ) සහ ස්වයන් බිත්තර වී නිෂ්පාදනයට යොමු කිරීම සඳහා 2kg /1 පැකට් 3200ක් ලබා දීමට සැලසුම් කර ඇත.
2026 යල සහ 2026/27 මහ කන්නවල නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත බිත්තර වී ප්‍රමාණය ———-වේ. ඒ අනුව මධ්‍යම පළාතට අයත් මහනුවර ,මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල පළාතේ බිත්තර වී අවශ්‍යතාවෙන් 25%කට අවශ්‍ය බිත්තර වී නිෂ්පාදනය සඳහා පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණික මග පෙන්වීම මත සහතික බිත්තර වී නිෂ්පාදනය යල සහ මහ කන්න දෙක තුලම වාර්ෂිකව නිෂ්පාදනය කරනු ලබයි. මෙහිදී පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම මත බිත්තර වී ගොවිපලවල් සඳහා අවශ්‍ය කරන ලියාපදිංච් බිත්තර වී 50% රජයේ දායකත්වය මත ලබා දෙන අතර ඒ සඳහා අවශ්‍ය ඇසුරුම් මළු නොමිලේ ලබා දීම සිදු කරනු ලබයි. අවශ්‍ය තාක්ෂණික මග පෙන්වීම හා ගොවිපලවල් අධික්ෂණ කටයුතු දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරීන් හා කලාප භාර සහකාර කෘෂිකර්ම අධ්යක්ෂවරු මගින් සිදුවන අතර සහතික බිත්තර වී නිෂ්පාදන ගොවිපලවල් ලෙස බීජ සහතිකකිරීමේ සේවයේ ලියාපදිංච් කර කන්නය අවසානයේ ගුණාත්මක සහතික බිත්තර වී ලෙස පළාතේ වී වගා කරන ගොවිනට ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත. ගුණාත්මක බිත්තර වී නිෂ්පාදනය සඳහා අවශ්‍ය යහපත් කළමණාකරන ක්‍රම හදුන්වා දීම මගින් බීජ සහතික කිරීමේ සේවය මගින් බිත්තර වී සහතික කිරීමේදී ගොවිපලවල් අසමත් වීම අවම කර ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමද මෙම වැඩසටහන මගින් සිදුකරනු ලබයි. එනම් බිත්තර වී පිරිසුදු කරන යන්ත්‍ර, කමත් ඇසුරුම්, බිත්තර වී ඇසුරුම් මළු මහන යන්ත්‍ර වැනි යෙදවුම් 50% රජයේ දායකත්වය මත බිත්තර වී නිෂ්පාදකයින් වෙත ලබා දීමද මෙම වැඩසටහන මගින් සිදුකරනු ලබයි.
මීට අමතරව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නව ප්‍රභේද ලෙස වාර්ෂිකව නිදහස් කරන නව ප්‍රභේද මෙන්ම ගොවීන් අතර වැඩි ඉල්ලුමක් ඇති ප්‍රභේද ප්‍රචලිත කිරිම සඳහා 1kg/2kg පැකට් ලෙස වී වගාවේ යෙදෙන ගොවීන් වෙත නොමිලේ ලබා දීමටද කටයුතු කරනු ලබයි. මෙමගින් එම ගොවීනට ඉදිරි කන්නයේ තම වගාව සඳහා අවශ්‍ය ගුණාත්මක බිත්තර වී තමා විසින්ම නිපදවා ගැනීමට අවස්ථාව ලැබෙන අතර බිත්තර වී සඳහා වැයකිරීමට සිදුවන මුදල ඉතිරිකර ගැනීමටද අවස්ථාවක් ලැබේ.
වී වගාවට අවශ්‍ය කරන බිත්තර වී අවශ්‍යතාවෙන් 25% රජයේ මැදිහත් වීමෙන්ද 75% ගොවීන් විසින් සපයා ගැනිම මගින්ද සිදුකරනු ලබයි. වී අස්වැන්න ඉහළ නැංවීම සඳහා සෑම කන්න 3කට වරක්ම දැනට භාවිතා කරන බිත්තර වී අලුත් කිරීම අත්‍යවශ්‍ය වේ. එබැවින් සෑම වර්ෂයකම බිත්තර වී නිෂ්පාදනය අඛණ්බවම සිදුකිරීම අත්‍යාවශ්‍ය වේ.
සෑම කන්න 03කටම වරක් වගා කරන බිත්තර වී අළුත් කල යුක්තේ ඇයි ?
- වගාව සඳහා භාවිතා කරන බිත්තර වී වල පාරිශුද්ධතාව පවත්වාගෙන යාමට.
- වෙනත් ප්‍රභේධ, වල් බීජ, වල් වී මිශ්‍ර වීම නිසා වන බිත්තර වී වල ගුණාත්මය අඩුවීම පාලනය කිරීමට.
- බීජවල දිරිය පවත්වාගෙව යාමට.
- කාලගුණික වෙනස්වීම්, වල් බීජ සහ සහතික කිරීමේ ගැටළු වැනි අභියෝග තිබුණද, ගුණාත්මක බිත්තර වී නිෂ්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වේ. එසේ නොවුවහොත් අස්වැන්න අඩුවීම හා නිෂ්පාදන වියදම් වැඩිවීම වැනි ගැටළු ඇති විය හැක.
ගුණාත්මක බිත්තර වී පළාත තුල නිෂ්පාදනය කිරීමේ වැදගත්කම
- ගුනාත්මක බිත්තර වී සුලභතාව වැඩි කිරීම මගින් වී වගාවේ අස්වනු ඉහල නැංවීම
- වී වගාවේ යෙදෙන ගොවීනට සාධාරණ මිළකට බිත්තර වී ලබා ගැනීමේ අවස්ථාව ලැබීම.
- බිත්තර වී නිෂ්පාදනයේ යෙදෙන කෘෂි ව්‍යවසායකයින් බිහිවීම.
