එච්. එම්. යු. ඒ. ජී. ජයලත් බණ්ඩාර
පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ - මධ්‍යම පළාත
මධ්‍යම පළාතේ කෘෂිකාර්මික සංවර්ධනය, ආහාර සුරක්ෂිතතාව සහ කෘෂි ව්‍යවසායකයින්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම අරමුණු කරගත් ප්‍රධාන ආයතනයක් ලෙස මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලබයි. පළාතේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය නවීන තාක්ෂණ
ය, තිරසර කළමනාකරණ ක්‍රමවේද සහ ගුණාත්මක සේවා සැපයුම සමඟ ඉදිරියට ගෙන යාම සඳහා අප දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් කැපවී සිටී.
මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන පරිපාලන දිස්ත්‍රික්ක තුනම ආවරණය වන පරිදි, මධ්‍යම පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය ප්‍රධාන මෙහෙයුම් ඒකකය ලෙස ක්‍රියාත්මක වන අතර, දිස්ත්‍රික් මට්ටමින් ස්ථාපිත නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාල තුනක් හරහා කෘෂිකාර්මික සේවා ජනතාව වෙත සමීප කර ඇත. එමෙන්ම, සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාල, කෘෂිකර්ම උපදේශක සේවා, තාක්ෂණ සහයක (කෘෂි ව්‍යාප්ති) නිලධාරීන්, පුහුණු මධ්‍යස්ථාන සහ අනුබද්ධ ගොවිපළ මඟින් ගොවි ජනතාව වෙත කාර්යක්ෂම හා ප්‍රායෝගික සේවාවක් ලබාදීමට අප කටයුතු කරමු.
අපගේ මෙහෙවර වන්නේ නවීන හා තිරසර කෘෂිකාර්මික පිළිවෙත් ප්‍රවර්ධනය කරමින්, ඉහළ නිෂ්පාදන ඵලදායිතාවයකින් හා උසස් ගුණාත්මකභාවයකින් යුතු බෝග නිෂ්පාදනයක් තුළින් මධ්‍යම පළාතේ කෘෂි ව්‍යවසායකයින්ගේ ජීවන තත්ත්වය සහ වෘත්තීයභාවය ඉහළ නැංවීමයි. එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා කෘෂිකාර්මික නිෂ්පාදන හා නිශ්පාදන ඵලදායිතාව ඉහල නැංවීම , තාක්ෂණය හදුන්වාදීම තුලින් වෙළදපල සංවර්ධනය , කෘෂිකාර්මික කර්මාන්ත ප්‍රවර්ධනය , හා ධාරිතා සංවර්ධනය යන අංශ හරහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.
වර්තමාන ලෝකයේ තාක්ෂණික හා දේශගුණික අභියෝග හමුවේ, නවෝත්පාදන කෘෂිකර්මය හා දැනුම මත පදනම් වූ ගොවි සංවර්ධනය අත්‍යවශ්‍ය වී ඇත. ඒ අනුව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතයෙන් සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, ගොවි ජනතාවට කඩිනම් තොරතුරු සහ උපදේශන සේවා ලබාදීම සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා හඳුන්වාදීම සඳහා අප විශේෂ අවධානය යොමු කර ඇත.
මධ්‍යම පළාතේ කෘෂිකර්මය තවදුරටත් ශක්තිමත් කරමින්, ගොවි ජනතාවගේ ආර්ථික සුරක්ෂිතභාවය සහ රටේ ආහාර සුරක්ෂිතතාව සඳහා දායක වන තිරසර කෘෂිකාර්මික පද්ධතියක් ගොඩනැගීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය අපේක්ෂා කරමි.
