දුරකථන

+94 81 238 8951
+94 81 238 8951
+94 81 238 8951

ඊමේල්

centprovag@gmail.com
info@agridept.cp.gov.lk

කාර්යාල ලිපිනය

තැ.පෙ. 64, සරසවි මාවත,
පේරාදෙණිය

NVQ 4 පුහුණු පාඨමාලා පැවැත්වීම​

ක්ෂේත්‍ර සහකාර (කෘෂිකර්ම) සහ පටකරෝපණ (Tissue Culture) පාඨමාලා

මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ඇති නවයාලතැන්න, නාලන්ද හා ගල්පාලම පුහුණු මධ්‍යස්ථාන මගින් 2013 සිට “ක්ෂේත්‍ර සහකාර (කෘෂිකර්ම) NVQ මට්ටම 4” පාඨමාලාව ක්‍රියාත්මක කරමින් වාර්ෂිකව සිසුන් 75ක් පමණ පුහුණු කරයි. 2026 සිට පල්ලේකැළේ පටක රෝපණාගාරය සමඟ “පටකරෝපණ (Tissue Culture) NVQ මට්ටම 4” පාඨමාලාවද පුහුණුලාභීන් 20 දෙනෙකු සමඟ ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
මෙම පාඨමාලා TVEC යටතේ ලියාපදිංචි සහ ප්‍රතීතනය ලත් අතර මාස 6ක නේවාසික පුහුණුවක් සහ මාස 6ක කර්මාන්තගත පුහුණුවක් ලෙස පැවැත්වේ.
ව්‍යාපෘතියේ අරමුණ වන්නේ:

  • තරුණයින්ට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ වෘත්තීය සුදුසුකම් ලබාදීම
  • විද්‍යානුකූල කෘෂිකර්ම ක්‍රම හඳුන්වා දීම
  • රැකියා හා ස්වයං රැකියා අවස්ථා වර්ධනය කිරීම

අපේක්ෂිත ප්‍රතිඵල ලෙස: 

  • වාර්ෂිකව පුහුණුලාභීන් 95ක් (75 + 20) බිහිකිරීම 
  • කෘෂිකර්මයට දක්ෂ හා නිපුණ මානව සම්පතක් එක් කිරීම 

මෙම වැඩසටහන කෘෂිකර්ම ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව, නිෂ්පාදනය සහ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට දායක වන අතර, දිගුකාලීනව තිරසාර සහ ප්‍රයෝජනවත් ව්‍යාපෘතියක් ලෙස සැලකේ.

අප අමතන්න

අපගේ ස්ථානය

Copyright © 2026 CP Agriculture | Powered by Pixalogy (PVT) Ltd.