කෘෂි ව්‍යාපාර ප්‍රවර්ධනය
මධ්‍යම පළාත් තුල බිම්මල් වගාව, අගය එකතුකල කෘෂි නිෂ්පාදන සකස්කිරීම සිදුකරන කුඩා හා මධ්‍යම පරිමාණ කෘෂි ව්‍යවසායකයින් බොහෝ දෙනෙක් සීමිත සම්පත් සහ අඩු පහසුකම් යටතේ කටයුතු කරන බැවින් ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රමාණය අඩුමට්ටමක පැවතීම මෙන්ම නිෂ්පාදනයේ ගුණාත්මක බව අඩුවීම නිසා ආදායම සීමිතව පවතී. ඒ අනුව ඔවුන්ගේ කාර්යක්ෂමතාව වැඩි කිරීම, නව තාක්ෂණ හඳුන්වාදීම සහ වෙළඳපොළ අවස්ථා ලබාදීම අත්‍යවශ්‍ය වේ.
මෙම ව්‍යාපෘතිය මගින් පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන්, ගොවි ක්ෂේත්‍ර පාසල් (FFS) සහ ගොවි ව්‍යාපාර පාසල් (FBS) හරහා ව්‍යවසායකයින්ගේ හැකියාවන් වර්ධනය කරයි. එමෙන්ම කෘෂි සංචාර, වෙළඳපොළ සම්බන්ධතා, සහ පුද්ගලික හා රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධ කිරීම මගින් වෙළඳපල අවස්ථා පුළුල් කරයි.
ව්‍යාපෘතිය යටතේ 2026 වර්ෂයේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට උපකරණ හා යෙදවුම් ලබාදීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා වටිනාකමින් 50%ක් හෝ උපරිම රු. 500,000 දක්වා රජයේ දායකත්වයක් ලබාදේ.
මෙහි ප්‍රධාන ප්‍රතිඵල ලෙස සාර්ථක කෘෂි ව්‍යවසායකයින් බිහිවීම, වෙළඳපොළ අවස්ථා වැඩිවීම, අගය එකතු කළ නිෂ්පාදන ප්‍රවර්ධනය, සහ ආදායම් මට්ටම ඉහළ යාම දැක්විය හැක.
මෙම ව්‍යාපෘතිය මගින් පුහුණුව, තාක්ෂණය, උපකරණ සහ වෙළඳ සම්බන්ධතා ලබාදීමෙන් කෘෂි ව්‍යවසායකයින් ස්වයං රැකියා මට්ටමින් තිරසාර ව්‍යාපාරිකයින් බවට පත් කරමින් දිගුකාලීනව ක්‍රියාත්මක කළ හැකි තිරසාර ව්‍යාපෘතියක් ලෙස සැලකේ.