දුරකථන

+94 81 238 8951
+94 81 238 8951
+94 81 238 8951

ඊමේල්

centprovag@gmail.com
info@agridept.cp.gov.lk

කාර්යාල ලිපිනය

තැ.පෙ. 64, සරසවි මාවත,
පේරාදෙණිය

- සම්බන්ධ තවත් ලිපි

දේශීය ආහාර නිෂ්පාදන අලවි ප්‍රදර්ශනය-නුවරඑළිය

නුවරඑළිය සහකාර කෘෂිකාර්ම අධ්‍යක්ෂක කලාපයේ නුවරඑළිය, ලිදුල සහ කදපොල කෘෂිකාර්ම උපදේශක කොට්ඨාස වල කෘෂි ව්‍යවසායකයින්ගේ අගය එකතුකල නිශ්පාදනා සහ දේශීය ආහාර නිෂ්පාදන අලවි ප්‍රදර්ශනය අද දින එනම් 2026. 09. 16 වන දින නුවරඑලිය කවිතාස් රථ වාහාන නැවතුම් පරිෂ්‍රයේ දී සාර්ථකව පවත්වන ලදී. මේ සදහා අතිරේක දිස්ත්‍රික් ලේකම් තුමිය, නුවරඑළිය නියෝජ්‍ය කෘෂිකාර්ම අධ්‍යක්ෂක තුමා, සහකාර අධ්‍යක්ෂක තුමා සහා වලපනේ සහකාර අධ්‍යක්ෂක තුමිය සහභාගි වූ අතර මෙම ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට දිවා රෑ නොබලා දැඩි වර්ෂාව සහිත කාලගුණ තත්ත්ව වලදී පවා සහයෝගය දුන් නුවරඑලිය සහකාර කෘෂිකාර්ම අධ්‍යක්ෂක තුමා ඇතුලු සියලුම කාර්‍ය මන්ඩලය, නුවරඑළිය, ලිදුල, කදපොල කෘෂිකර්ම උපදේශක කාර්‍යාලවල සියලුම නිලධාරීන් ,කාර්‍යාල කාර්‍ය සහායක නිලදාරින්, ගල්පාලම දිස්තික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ NVQ සිසු දරු දැරියන් ඇතුලු නන් අයුරින් සහාය දුන් සියලුම දෙනා හට ගෞරවනීය ස්තූතිය පළකරමි.

සරුකෙත ව්‍යාපෘතිය – වලපනේ

2023 වර්ෂයේ ආරම්භ කල සරුකෙත සමිතිය මගින් ක්‍රියාත්මක කරණු ලබයි.මෙම සමිතිය මූලික කරගෙන 2023 වර්ෂයේදී SHEP වැඩසටහන ආරම්භ කරන අතර එමගින් ගොවීන්ගේ ගැටළු හදුනාගෙන ඒවාට විසදුම් ලබා දෙන ලදී.මෙම වැඩසටහන නිසා ගොවි කණ්ඩායමේ ආර්ථික මෙන්ම ආකල්පමය දියුණුවද මේ වන සිදු වී ඇත.මෙම සරු කෙත සමිතිය 2024 වර්ෂයේ සමූපකාර සමිතියක් ලෙස ලියා පදිංචි කල අතර එය වර්ථමාණයේ සී/ස සරුකෙත කෘෂිකාර්මික හා අලෙවි කිරීමේ සමූපකාර සමිතිය ලෙස හදුන් වයි.දැනට සාමාජිකයින් 40 ක් සිටින අතර ඉදිරි වසර 03 තුල සාමාජිකයින් 3000ක් දක්වා වැඩි කර ගැනීමේ ඉලක්කයක් ඇත.

SHEP වැඩසටහන මගින් හදුනාගත් ගැටළු

  • වන සත්ත්ව හානී
  • භූමියේ ඵලදායිතාව අඩු වීම
  • ජල සම්පාදනය සදහා වැඩි කාලයක් ගත වීම
  • අතර මැදියා ලාභයෙන් වැඩි කොටසක් ලබා ගැනීම
  • වෙනත් ආදායම් මාර්ග නොමැති කම

මෙම ගැටළු වලට පිලියම් හොයන අතරතුර නුවරඑළිය දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂක තුමාගේ සම්බන්ධීනරණයෙන් UN HABITAT ආයතනය සම්බන්ද  විය.මෙම ව්‍යපෘතිය මගින් මෙම සමිතියට පහත සදහන් විසදුම් ලැබුනි.

  • ගොවීන් 31 සදහා විසුරුම් ජල සම්පාදන පද්ධති 31
  • වගා ඉඩම් වල පාත්ති පුළුල් කිරීම
  • අගය එකතු කල නිෂ්පාදන සිදු කිරීමට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර
  • ශීතාගාර පහසුකම්
  • බිම්මල් බීජ නිෂ්පාදනා ගාරයක්

මේ වන විට

  • සමිතියේ සාමාජිකයින්ගේ  එළවළු සමිතියේ ලොරි රථයක් මගින් ප්‍රධාන  ආර්ථික මධ්‍යස්ථාන කරා රුගෙන යයි
  • සමහර සාමාජිකයින් සුපිරි අලෙවිසැල් සදහා තමන්ගේ එළවළු අලෙවි කරයි.
  • සාමාජිකයින් කණ්ඩායම් වශයෙන් එක්ව අගය එකතු කල නිෂ්පාදන සිදු කර අලෙවි කරයි.
  • බිම්මල් බීජ නිෂ්පාදනය කර ප්‍රදේශයේ අලෙවි කිරීම සිදු කරයි.
  • සමහර සාමාජිකයින් අමතර ආදායම් මාර්ගයක් ලෙස බිම්මල් නිෂ්පාදනය සිදු කරයි
  • මෙම සමිතිය හරහා ප්‍රදේශයේ ජනතාව අගය එකතු කල නිෂ්පාදන පිලිබද පුහුණු කිරීම සිදු කරයි.

මෙම සමිතිය මගින් සියළු බලපත්‍ර ලබාගෙන ඇති අතර ඕනෑම සාමාජිකයෙකුට සමිතියේ අධීක්ෂනය යටතේ සමිතියේ උපකරණ භාවිතා කර තම නිෂ්පාදන සිදුකල හැකි අතර ඇසුරුම් කිරීම සමිතිය තුල සිදු කරන්නේ නම් සමිතියේ ලේබල් එම විවසායකයාට ලබා දීම සිදු කරයි.එමගින් විවසායකයින්ට පොඩි මුදලකින් තම ව්‍යාපාරය ආරම්භ කල හැකි වේ.

මෙම වැඩසටහන දිනෙන් දින දියුණු වෙමින් පවතී.

මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය නිල වශයෙන් දියත් කිරීම
department of agriculture

ආඩම්බරයෙන් ප්‍රකාශ කරමු! 🌾
මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය අද දින සිට මහජනතාවට විවෘතයි!දැන් මධ්‍යම පළාතේ ගොවීන්ට, කෘෂිකාර්මික ව්‍යවසායකයින්ට සහ සියලුම පුරවැසියන්ට සේවා, සහන, උපදෙස් සහ වෙළඳපොළ තොරතුරු මාර්ගගතව ලබාගැනීමට හැකිය.අදම අපගේ වෙබ් අඩවියට පිවිස “ස්මාර්ට් ගොවිතැන” සමඟ එක්වන්න.

නවීන තාක්ෂණය හා කෘෂිකර්මාන්තය (Modern Agricultural Technology)

අද වන විට ලෝකය පුරා ඉතා වේගයෙන් ප්‍රචලිත වෙමින් පවතී. සාම්ප්‍රදායික ක්‍රමවලින් ඔබ්බට යමින්, අඩු සම්පත් ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට මෙම තාක්ෂණය මඟින් විශාල රුකුලක් ලැබෙයි.

​1. නිරවද්‍ය කෘෂිකර්මාන්තය (Precision Agriculture)

​මෙය තොරතුරු තාක්ෂණය සහ විද්‍යාත්මක දත්ත භාවිතයෙන් වගා බිම් කළමනාකරණය කිරීමේ ක්‍රමයකි.

  • ​සංවේදක (Sensors) භාවිතය: පසෙහි තෙතමනය, උෂ්ණත්වය සහ පෝෂක මට්ටම මැන බැලීම සඳහා බිමෙහි සංවේදක අටවනු ලැබේ.
  • ​ස්වයංක්‍රීය පාලනය: මේ හරහා වගාවට අවශ්‍ය ප්‍රමාණය සහ පෝෂක ප්‍රමාණය පමණක් ස්වයංක්‍රීයව සැපයීමට හැකි වේ.

​2. කෘෂිකාර්මික ඩ්‍රෝන යාත්‍රා (Agricultural Drones)

​ඩ්‍රෝන යාත්‍රා අද වන විට ගොවිතැනේ අත්‍යවශ්‍ය මෙවලමක් බවට පත්ව ඇත.

  • ​ක්ෂණික නිරීක්ෂණය: විශාල වගා බිම් මතින් පියාසර කරමින් බෝගවල වර්ධනය සහ රෝග පාලන තත්ත්වයන් ඉක්මනින් නිරීක්ෂණය කළ හැක.
  • ​කාර්යක්ෂම යෙදවුම්: කෘමිනාශක සහ දියර පොහොර ඉතා අඩු කාලයකින්, නිවැරදිව සහ ඒකාකාරව වගාවට ඉසීමට ඩ්‍රෝන භාවිත කරයි.

​3. හරිතගාර තාක්ෂණය සහ පාලිත පරිසර වගාව (Greenhouse Technology)

  • ​කාලගුණික බලපෑම් අවම කිරීම: අධික වැසි, දැඩි හිරු රස්නය හෝ පසෙහි ගැටලු හේතුවෙන් වගාවන්ට වන හානි වළක්වා ගැනීමට හරිතගාර උපකාරී වේ.
  • ​ස්වයංක්‍රීය පද්ධති: හරිතගාර තුළ උෂ්ණත්වය, ආර්ද්‍රතාවය (Humidity) සහ ආලෝකය ස්වයංක්‍රීයව පාලනය කරමින් ඕනෑම කාලගුණයක් යටතේ වුවද බෝග වගා කළ හැක.

​4. ස්මාර්ට් ජල කළමනාකරණය (Smart Irrigation Systems)

  • ​ප්‍රධාන වශයෙන් ජල බිංදු (Drip irrigation) සහ ජල ස්ප්‍රේ (Sprinkler) ක්‍රම IoT (Internet of Things) තාක්ෂණය සමඟ සම්බන්ධ කරනු ලැබේ.
  • ​වැසි කාලයට ස්වයංක්‍රීයව ජලය සැපීම නතර වීම සහ වියළි කාලවලදී අවශ්‍ය පමණට ජලය ලැබීම නිසා ජලය අපතේ යාම 90%කින් පමණ වළකාගත හැක.

​5. කෘත්‍රිම බුද්ධිය (AI & Machine Learning)

  • ​රෝග හඳුනා ගැනීම: ජංගම දුරකථන කැමරාවකින් ශාකයක කොළයක ඡායාරූපයක් ලබා ගැනීමෙන්, එයට වැදී ඇති රෝගය හෝ කෘමි උවදුර කුමක්දැයි ක්ෂණිකව හඳුනා ගැනීමට යෙදුම් (Apps) නිර්මාණය කර ඇත.
  • ​අස්වනු නෙළන කාලය පුරෝකථනය: දත්ත විශ්ලේෂණය කරමින් නිවැරදිව අස්වනු නෙළන කාලය සහ වෙළඳපල ඉල්ලුම තක්සේරු කිරීමට AI උදව් වේ.

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

අප අමතන්න

අපගේ ස්ථානය

Copyright © 2026 CP Agriculture | Powered by Pixalogy (PVT) Ltd.