දුරකථන

+94 81 238 8951
+94 81 238 8951
+94 81 238 8951

ඊමේල්

centprovag@gmail.com
info@agridept.cp.gov.lk

කාර්යාල ලිපිනය

තැ.පෙ. 64, සරසවි මාවත,
පේරාදෙණිය

- සම්බන්ධ තවත් ලිපි

දේශීය ආහාර නිෂ්පාදන අලවි ප්‍රදර්ශනය-නුවරඑළිය

නුවරඑළිය සහකාර කෘෂිකාර්ම අධ්‍යක්ෂක කලාපයේ නුවරඑළිය, ලිදුල සහ කදපොල කෘෂිකාර්ම උපදේශක කොට්ඨාස වල කෘෂි ව්‍යවසායකයින්ගේ අගය එකතුකල නිශ්පාදනා සහ දේශීය ආහාර නිෂ්පාදන අලවි ප්‍රදර්ශනය අද දින එනම් 2026. 09. 16 වන දින නුවරඑලිය කවිතාස් රථ වාහාන නැවතුම් පරිෂ්‍රයේ දී සාර්ථකව පවත්වන ලදී. මේ සදහා අතිරේක දිස්ත්‍රික් ලේකම් තුමිය, නුවරඑළිය නියෝජ්‍ය කෘෂිකාර්ම අධ්‍යක්ෂක තුමා, සහකාර අධ්‍යක්ෂක තුමා සහා වලපනේ සහකාර අධ්‍යක්ෂක තුමිය සහභාගි වූ අතර මෙම ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට දිවා රෑ නොබලා දැඩි වර්ෂාව සහිත කාලගුණ තත්ත්ව වලදී පවා සහයෝගය දුන් නුවරඑලිය සහකාර කෘෂිකාර්ම අධ්‍යක්ෂක තුමා ඇතුලු සියලුම කාර්‍ය මන්ඩලය, නුවරඑළිය, ලිදුල, කදපොල කෘෂිකර්ම උපදේශක කාර්‍යාලවල සියලුම නිලධාරීන් ,කාර්‍යාල කාර්‍ය සහායක නිලදාරින්, ගල්පාලම දිස්තික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ NVQ සිසු දරු දැරියන් ඇතුලු නන් අයුරින් සහාය දුන් සියලුම දෙනා හට ගෞරවනීය ස්තූතිය පළකරමි.

නිවසේදී ම සාර්ථකව කාබනික පොහොර සාදා ගන්නේ කෙසේද ?

ගෙවතු වගාවට උනන්දු වන ඔබට ඔබේ වගාවන් සඳහා සරුසාර අස්වැන්නක් ලබා ගැනීමටත්, රසායනික පොහොර සඳහා යන අධික පිරිවැය අවම කර ගැනීමටත් තිබෙන හොඳම විසඳුම වන්නේ කාබනික පොහොර (Organic Compost) භාවිතයයි. අපේම මුළුතැන්ගෙයින් සහ ගෙවත්තෙන් ඉවත් කරන අපද්‍රව්‍ය භාවිතයෙන් ඉතා පහසුවෙන් නිවසේදීම උසස් තත්ත්වයේ කොම්පෝස්ට් පොහොර සාදා ගන්නේ කෙසේදැයි මෙම ලිපියෙන් පියවරෙන් පියවර සොයා බලමු.

කොම්පෝස්ට් සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය

  • සාර්ථක කොම්පෝස්ට් මිශ්‍රණයක් සෑදීමට කොළ පැහැති ද්‍රව්‍ය (නයිට්‍රජන් සහිත) සහ දුඹුරු පැහැති ද්‍රව්‍ය (කාබන් සහිත) යන වර්ග දෙකම නිසි අනුපාතයට (1:2) එකතු කරගත යුතුය.
  • ​කොළ පැහැති ද්‍රව්‍ය (Green Materials): මුළුතැන්ගෙයි එළවළු සහ පලතුරු කොටස්, තේ කොළ, කපන ලද අමු තණකොළ, නොපැසුණු කොළ ජාති.
  • ​දුඹුරු පැහැති ද්‍රව්‍ය (Brown Materials): වියළි කොළ, ලී කුඩු, පරණ පුවත්පත් හෝ කාඩ්බෝඩ් කැබලි, වියළි පිදුරු.
  • ​භාවිත නොකළ යුතු දේවල්: මස්/මාළු කොටස්, තෙල් සහ කිරි සහිත ආහාර, ප්ලාස්ටික්, රෝගී වූ ශාක කොටස්, සතුන්ගේ මළපහ.

කොම්පෝස්ට් සෑදීමේ පියවරෙන් පියවර ක්‍රියාවලිය

  • තැනක් හෝ බඳුනක් තෝරා ගැනීම:
  • ගෙවත්තේ ජලය රඳා නොපවතින, තරමක් සෙවණ සහිත ස්ථානයක් තෝරා ගන්න. නැතහොත් සිදුරු සහිත කොම්පෝස්ට් පීප්පයක් (Compost Bin) භාවිතා කළ හැක.
  • ​මුල් තට්ටුව සැකසීම (Base Layer):
  • කොම්පෝස්ට් බඳුනේ හෝ ස්ථානයේ අඩියට කුඩා ලී කැබලි හෝ වියළි අතු කැබලි තට්ටුවක් යොදන්න. එමගින් හොඳින් වාතය හුවමාරු වේ.
  • ​ද්‍රව්‍ය ස්ථර ලෙස එකතු කිරීම (Layering):
  • ​පළමුව දුඹුරු පැහැති ද්‍රව්‍ය (වියළි කොළ/ලී කුඩු) තට්ටුවක් දමන්න.
  • ​ඊට උඩින් කොළ පැහැති ද්‍රව්‍ය (එළවළු කොටස්) තට්ටුවක් දමන්න.
  • ​මෙසේ මාරුවෙන් මාරුවට ස්ථර වශයෙන් එකතු කරන්න.
  • ​තෙතමනය සහ වාතනය පාලනය කිරීම:
  • මිශ්‍රණය අධික ලෙස වේලී ඇත්නම් ලාවට වතුර ඉසින්න (තෙතමනය ස්පොන්ජ් එකක් මිරිකූ පසු ඇති තත්ත්වයට සමාන විය යුතුය). සතියකට වරක් හෝ දෙවරක් පස් කපන ගෑරප්පුවකින් මිශ්‍රණය පෙරළා වාතනය ලබා දෙන්න.

පොහොර සූදානම් බව හඳුනා ගැනීම:

සති 6-8 අතර කාලයකදී කොම්පෝස්ට් මිශ්‍රණය තද දුඹුරු හෝ කළු පැහැයට හැරී, සුවඳ පස් පස් ගඳක් හමයි නම් ඔබේ කොම්පෝස්ට් පොහොර භාවිතයට සූදානම්ය.

නිවසේදීම කොම්පෝස්ට් සෑදීමේ වාසි

  • පිරිවැය ඉතිරිය: වෙළඳපොළෙන් අධික මිලට පොහොර මිලදී ගැනීමට සිදු නොවේ.
  • ​පාරිසරික හිතකාමී බව: ගෘහස්ථ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය වී පරිසර දූෂණය අවම වේ. ​සරුසාර අස්වැන්න: පසෙහි තෙතමනය රැඳෙන අතර ශාකවලට අවශ්‍ය පෝෂණය ස්වාභාවිකවම ලැබේ

ඔබත් අදම ඔබේ ගෙවත්තෙන් සහ මුළුතැන්ගෙයින් ඉවත් කරන අපද්‍රව්‍ය එකතු කර සරුසාර වගාවකට මුලපුරන්න!

සරුකෙත ව්‍යාපෘතිය – වලපනේ

2023 වර්ෂයේ ආරම්භ කල සරුකෙත සමිතිය මගින් ක්‍රියාත්මක කරණු ලබයි.මෙම සමිතිය මූලික කරගෙන 2023 වර්ෂයේදී SHEP වැඩසටහන ආරම්භ කරන අතර එමගින් ගොවීන්ගේ ගැටළු හදුනාගෙන ඒවාට විසදුම් ලබා දෙන ලදී.මෙම වැඩසටහන නිසා ගොවි කණ්ඩායමේ ආර්ථික මෙන්ම ආකල්පමය දියුණුවද මේ වන සිදු වී ඇත.මෙම සරු කෙත සමිතිය 2024 වර්ෂයේ සමූපකාර සමිතියක් ලෙස ලියා පදිංචි කල අතර එය වර්ථමාණයේ සී/ස සරුකෙත කෘෂිකාර්මික හා අලෙවි කිරීමේ සමූපකාර සමිතිය ලෙස හදුන් වයි.දැනට සාමාජිකයින් 40 ක් සිටින අතර ඉදිරි වසර 03 තුල සාමාජිකයින් 3000ක් දක්වා වැඩි කර ගැනීමේ ඉලක්කයක් ඇත.

SHEP වැඩසටහන මගින් හදුනාගත් ගැටළු

  • වන සත්ත්ව හානී
  • භූමියේ ඵලදායිතාව අඩු වීම
  • ජල සම්පාදනය සදහා වැඩි කාලයක් ගත වීම
  • අතර මැදියා ලාභයෙන් වැඩි කොටසක් ලබා ගැනීම
  • වෙනත් ආදායම් මාර්ග නොමැති කම

මෙම ගැටළු වලට පිලියම් හොයන අතරතුර නුවරඑළිය දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂක තුමාගේ සම්බන්ධීනරණයෙන් UN HABITAT ආයතනය සම්බන්ද  විය.මෙම ව්‍යපෘතිය මගින් මෙම සමිතියට පහත සදහන් විසදුම් ලැබුනි.

  • ගොවීන් 31 සදහා විසුරුම් ජල සම්පාදන පද්ධති 31
  • වගා ඉඩම් වල පාත්ති පුළුල් කිරීම
  • අගය එකතු කල නිෂ්පාදන සිදු කිරීමට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර
  • ශීතාගාර පහසුකම්
  • බිම්මල් බීජ නිෂ්පාදනා ගාරයක්

මේ වන විට

  • සමිතියේ සාමාජිකයින්ගේ  එළවළු සමිතියේ ලොරි රථයක් මගින් ප්‍රධාන  ආර්ථික මධ්‍යස්ථාන කරා රුගෙන යයි
  • සමහර සාමාජිකයින් සුපිරි අලෙවිසැල් සදහා තමන්ගේ එළවළු අලෙවි කරයි.
  • සාමාජිකයින් කණ්ඩායම් වශයෙන් එක්ව අගය එකතු කල නිෂ්පාදන සිදු කර අලෙවි කරයි.
  • බිම්මල් බීජ නිෂ්පාදනය කර ප්‍රදේශයේ අලෙවි කිරීම සිදු කරයි.
  • සමහර සාමාජිකයින් අමතර ආදායම් මාර්ගයක් ලෙස බිම්මල් නිෂ්පාදනය සිදු කරයි
  • මෙම සමිතිය හරහා ප්‍රදේශයේ ජනතාව අගය එකතු කල නිෂ්පාදන පිලිබද පුහුණු කිරීම සිදු කරයි.

මෙම සමිතිය මගින් සියළු බලපත්‍ර ලබාගෙන ඇති අතර ඕනෑම සාමාජිකයෙකුට සමිතියේ අධීක්ෂනය යටතේ සමිතියේ උපකරණ භාවිතා කර තම නිෂ්පාදන සිදුකල හැකි අතර ඇසුරුම් කිරීම සමිතිය තුල සිදු කරන්නේ නම් සමිතියේ ලේබල් එම විවසායකයාට ලබා දීම සිදු කරයි.එමගින් විවසායකයින්ට පොඩි මුදලකින් තම ව්‍යාපාරය ආරම්භ කල හැකි වේ.

මෙම වැඩසටහන දිනෙන් දින දියුණු වෙමින් පවතී.

ආරක්ෂිත ගෘහ තුල රෝපණ මාධය්‍ය භාවිතය කෙබඳු විය යුතුද?

ආරක්ෂිත ගෘහ තුල බෝග වගාවේදී රෝපණ මාධ්‍යය ලෙස පස් මූලික වගා මාධ්‍ය සහ කොහුබත් මූලික වගා මාධ්‍යය භාවිතා කල හැක.මේ අතරින් කොහුබත් මූලික වගා මාධ්‍ය භාවිතා කිරීම මගින් ගොවි මහතුන්ට ලැබෙන වාසි සහගත තත්වයන් සාපේක්ෂව පස් මූලික වගා මාධ්‍ය භාවිතයට වඩා වැඩි බවට ක්ෂේත්‍ර අත්දැකීම් මත කෘෂිකර්ම උපදේශකවරුන් පවසයි. එම වාසීන් පහත පරිදි සඳහන් කල හැක

  • වගා මාධ්‍ය සැහැල්ලු වීම මත පරිහරණය පහසු වීම
  • මාධ්‍යයේ Ph සහ Ec පාලනය කිරීම පහසු වීම
  • නෙමටෝඩා සහ මුල් කුණු වීම් වැනි තත්ව අවම වීම

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

අප අමතන්න

අපගේ ස්ථානය

Copyright © 2026 CP Agriculture | Powered by Pixalogy (PVT) Ltd.