දුරකථන

+94 81 238 8951
+94 81 238 8951
+94 81 238 8951

ඊමේල්

centprovag@gmail.com
info@agridept.cp.gov.lk

කාර්යාල ලිපිනය

තැ.පෙ. 64, සරසවි මාවත,
පේරාදෙණිය

- සම්බන්ධ තවත් ලිපි

සීතා – නාවලපිටිය
මිරිස් බීජ පොකුරු ගම්මානයෙන් වාර්ෂිකව රුපියල් ලක්ෂ 60ක ආදායමක් දිරිය කතගේ කතාව

මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර යටිනුවර සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කලාපයට අයත් රඹුක්පිටිය කෘෂිකර්ම උපදේශක කොට්ඨාශයේ නාවලපිටිය, දෙකිඳ ග්‍රාමයේ පදිංචි එම්.එම්.සීතා කරුණාරත්න මහත්මිය 2022 වර්ෂයේදී මිරිස් බීජ පොකුරු ගම්මාන වැඩසටහන සඳහා තෝරාගන්නා ලදී.  ඒ වන විට ඇය ඉතා කුඩා පරිමාණයෙන් නයි මිරිස් පැළ තවානක් පවත්වා ගෙන යමින් සුළු ආදායමක් ලබමින් සිටියාය. ඉහත වැඩසටහන යටතේ වර්ග අඩි 1500ක ආරක්ෂිත ගෘහයක් ලබා දී දෙමුහුන් මිරිස් බීජ නිෂ්පානයට යොමු කෙරුණි. 30% ගොවි දායකත්වය යටතේ බිංදු ජල සම්පාදන පද්ධතියක්ද, පරාග ගබඩා කිරීමට අවශ්‍ය ඩෙසිකේටර නොමිලේ ලබාදුණි.

• ආරම්භයේ සිටම මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණික දායකත්වය ලබාදුන් අතර අවශ්‍ය අවස්ථා වලදී මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග පර්යේෂණ ආයතනය හා ගන්නෝරුව උද්‍යාන බෝග පර්යේෂණ ආයතනය, ගන්නෝරුව බීජ සහතික සහතික කිරීමේ සේවය සපයන ආයතන වලින් තාක්ෂණික උපදෙස් ලබා දීමටද මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෂේත්‍ර  නිලධාරීන්ගේ තාක්ෂණික උපදෙස් ලබාදීමට කටයුතු කරන ලදී.

• මෙම ව්‍යාපෘතිය මගින් ලැබුණු ආදායම, 2026 වර්ෂය වන විට ඇය මිරිස් බීජ නිෂ්පානය ආරක්ෂිත ගෘහ 6ක් දක්වා (ව.අ.7000) වර්ධනය කරගෙන ඇත.වර්තමානයේදී මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබාගනිමින් ඇය වාර්ෂිකව MICH Hy 01 මිරිස් බීජ 40Kg ක් පමණ නිෂ්පාදනය කරමින් වාර්ෂිකව ලක්ෂ 60ක පමණ ආදායමක් ලබමින් සාර්ථක ලෙස බීජ නිෂ්පාදනය කරමින් ජීවිතය ජය ගෙන ඇත.

ශ්‍රියානි මහත්මිය -මහනුවර
සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් -ස්වාධීන ආර්ථිකයක්

මහනුවර නගරයට ආසන්නව පිහිටි නිස්කලංක පරිසරයක ජීවත් වූ ශ්‍රියානි මහත්මියගේ දවස ආරම්භ වන්නේ අලුයම මිහිදුම් සළුව අතරිනි. සාමාන්‍ය ගෘහණියක ලෙස කටයුතු කළ ඇයට නිතරම අවශ්‍ය වූයේ තම පවුලට වස විසෙන් තොර නැවුම් එළවළු වේලක් ලබා දීමටත්, නිවසේ සිටම පවුලේ ආර්ථිකයට යම් ශක්තියක් වීමටත්ය. නිවස වටා ඉඩකඩ සීමිත වීම නිසා විශාල වගාවකට යොමු වීමට නොහැකි වූ ඇයට, දිනක් අහඹු ලෙස මයික්‍රොග්‍රීන්ස් (Microgreens) වගාව පිළිබඳව දැනගන්නට ලැබුණි.
මෙම වගාව සඳහා විශාල ඉඩකඩක්, පස් හෝ අධික හිරු එළියක් අවශ්‍ය නොවීමත්, දින 7ත් 14ත් අතර ඉතා කෙටි කාලයකින් අස්වැන්න නෙලා ගත හැකි වීමත් ඇයගේ සිත දැඩිව ආකර්ෂණය කළේය. මුලින්ම ඉවතලන ප්ලාස්ටික් බඳුන් කිහිපයක් ගෙන මුං ඇට, රාබු, සහ සූරියකාන්ත බීජ යොදාගෙන ඇය තම මුළුතැන්ගෙයි ජනේලය අසල කුඩා වගාවක් ආරම්භ කළාය. මහනුවර පවතින සිසිල් දේශගුණය මෙම කුඩා පැළෑටිවල වර්ධනයට කදිමට ගැලපුණු අතර, කොහුබත් මාධ්‍යයක් තුළ නිවැරදිව තෙතමනය රඳවා ගනිමින් වගාව පවත්වාගෙන යාමට ඇය ක්‍රමයෙන් අත්දැකීමෙන් ඉගෙන ගත්තාය.
පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ මෙම කුඩා පැළෑටි මුලින්ම තම පවුලේ ආහාර වේලට එකතු කළ ශ්‍රියානි, පසුව අතිරික්ත අස්වැන්න අසල්වැසියන්ට සහ හිතවතුන්ට රස බැලීමට ලබා දුන්නාය. එහි ඇති නැවුම් බව සහ කදිම රසය නිසා ඉතා කෙටි කලකින් ඇයට මිතුරන්ගෙන් නොසිතූ ලෙස ඇණවුම් ලැබෙන්නට පටන් ගත්තේය. මෙය තම ජීවිතය වෙනස් කරන අවස්ථාවක් බව වටහා ගත් ඇය, නිවසේ භාවිතයට නොගත් කුඩා කාමරයක් සම්පූර්ණයෙන්ම ගෘහස්ථ වගා රාක්ක පද්ධතියක් ලෙස සකස් කළාය.
අද වන විට ශ්‍රියානි මහත්මිය මහනුවර නගරයේ ප්‍රධාන පෙළේ හෝටල්, සෞඛ්‍ය සම්පන්න ආහාර සපයන ආපනශාලා සහ සුපිරි වෙළඳසැල් කිහිපයකටම දිනපතා නැවුම් මයික්‍රොග්‍රීන්ස් සපයන සාර්ථක ව්‍යවසායිකාවකි. කිසිදු රසායනික පොහොරක් හෝ කෘමිනාශකයක් නොමැතිව, ඉතා පිරිසිදුව වගා කරන ඇයගේ නිෂ්පාදන සඳහා වෙළඳපොළේ දිනෙන් දින ඉල්ලුම වැඩි වෙමින් පවතී. කුඩා බීජ කිහිපයකින් මුළුතැන්ගෙයි ජනේලයෙන් ආරම්භ කළ ඇයගේ ගමන, අද වන විට ඉඩකඩ නොමැතිකම ගැන මැසිවිලි නගන බොහෝ දෙනෙකුට සහ ස්වයං රැකියාවක් අපේක්ෂා කරන කාන්තාවන්ට කදිම ආදර්ශයකි. නිවසේ රාජකාරි අතපසු නොකරමින්ම, තමාගේම දෑතින් වගා කළ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සමාජයට දායාද කරන අතරම ස්වාධීන ආර්ථිකයක් ගොඩනඟා ගැනීමට හැකිවීම ගැන ඇය අද ආඩම්බර වෙයි.

ගුණපාල -නාවලපිටිය
මිරිස් බීජ නිශ්පාදනයෙන් ඉහල ආදායම්

මිරිස් බිජ නිශ්පාදනයෙන් ගොවිබිම දිනූ දෙකිඳ ගොවිමහතා.වාර්ශිකව රු .600000.00 කට වඩා ඉහල ආදායම් ලබමින් ඉතා සාර්ථක ් ගමනක්

නිමාලි වීරසිංහ — ගම්පොල

තිරසර ගෙවතු වැඩසටහන හරහා පවුලේ ආදායම වැඩි කරගත් අත්දැකීම.

අප අමතන්න

අපගේ ස්ථානය

Copyright © 2026 CP Agriculture | Powered by Pixalogy (PVT) Ltd.