මෙම ව්‍යාපෘතිය 2026/27 මහ කන්නයේදී මුං වගාව ප්‍රවර්ධනය කිරීම, දිළිඳුකම සහ මන්දපෝෂණය දුරු කිරීම, ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වේ. 2026 වර්ෂයේදී මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මුං බීජ 364kgක් 50% රජයේ දායකත්වයෙන් ගොවීන් වෙත ලබා දී, වගා කටයුතු සඳහා තාක්ෂණික සහය ලබා දී බීජ නිෂ්පාදන කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇත. මුං බීජ ආනයන වියදම් අඩු කිරීම සඳහා දේශීයව මුං බිජ නිෂ්පාදනය වැදගත් වේ. මාතලේ දිස්ත්‍රික්කයේ සුදුසු කෘෂිකාර්මික ප්‍රදේශ තුළ නිෂ්පාදිත බීජ ගොවීන්ට ලබාදීම මගින් දේශීය මුං අවශ්‍යතාව සපුරා, ආනයනය අවමකිරීම මගින් විදේශ විනිමය ඉතිරි කර ගැනීමට හැකි වේ. එමෙන්ම ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමද මෙයින් සිදු වේ. අපේක්ෂිත නිමැවුම ලෙස, දේශීය ගුණාත්මක මුං බීජ 16,000kg නිෂ්පාදනය කර, අක්කර 2,000 ක වගාවන් සඳහා භාවිතා කර, ජාතික නිෂ්පාදනයට මුං ටොන් 800 එකතු කිරීමට සැලසුම් කර ඇත. බීජ නිෂ්පාදනය අඛණ්ඩව සිදු කිරීම මගින් නිෂ්පාදන වියදම අඩු වීම, ඒකක නිෂ්පාදනය වැඩි වීම සහ වෙළඳපලේ මුං සුලභ වීම මෙන් ම පාරීබෝගිකයින්ට සහන මිළකට මිලදී ගැනීමටද අවස්ථාව සැලසීම සිදුවේ. ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය තුළ අත්දැකිම් ඇති ගොවීන් තෝරා බීජ නිෂ්පාදනය, 50% රජයේ දායකත්වයෙන් බීජ ලබා දීම, කෘෂිකර්ම උපදේශකගේ මග පෙන්වීම සහ අධීක්ෂණය යටතේ බීජ නිෂ්පාදනය, වගාවන් ලියාපදිංචි කිරීම සහ බීජ සහතික කිරීම, 2027 යල කන්නයට අවශ්‍ය සහතික බීජ නිෂ්පාදනය සිදුකිරීම මෙම ව්‍යාපෘථිය මගින් සිදුකිරීමට සැපසුම් කර ඇත.
