දුරකථන

+94 81 238 8951
+94 81 238 8951
+94 81 238 8951

ඊමේල්

centprovag@gmail.com
info@agridept.cp.gov.lk

කාර්යාල ලිපිනය

තැ.පෙ. 64, සරසවි මාවත,
පේරාදෙණිය

නිලධාරීන්ගේ දැනුම, කුසලතා හා ආකල්ප සංවර්ධනය හා කෘෂි ව්‍යාප්ති සේවය ශක්තිමත් කිරීම

ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර නිලධාරීන් වැදගත් භූමිකාවක් ඉටු කරන අතර, නව තාක්ෂණ, වගා ක්‍රම සහ පර්යේෂණ ප්‍රතිඵල හඳුන්වා දීම සඳහා ඔවුන්ගේ දැනුම නවීකරණය කිරීම අත්‍යවශ්‍ය වේ. මධ්‍යම පළාත තුළ නිලධාරීන් 550කට ආසන්න සංඛ්‍යාවක් සේවය කරන අතර ඔවුන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් ගොවි ජනතාව දැනුවත් කිරීම සහ කෘෂි සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරයි.
මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ නිලධාරීන්ගේ දැනුම, කුසලතා සහ වෘත්තීය හැකියාවන් වර්ධනය කිරීම මගින් ගොවීන්ට නව තාක්ෂණ සහ වෙළඳපොළ අවස්ථා හඳුන්වා දීමයි. ඒ සඳහා පුහුණු වැඩසටහන්, දැනුවත් කිරීමේ වැඩසටහන්, ක්ෂේත්‍ර චාරිකා සහ ඩිජිටල් තාක්ෂණ භාවිතය ප්‍රවර්ධනය කරනු ඇත.
විශේෂයෙන්, කෘෂිකර්ම උපදේශකයන්ට SIM කාඩ්පත් ලබාදීම මගින් ගොවීන් සමඟ වේගවත් සන්නිවේදනයක් පවත්වා ගනිමින් කෘෂිකර්ම සේවාවන් ඩිජිටල්කරණය කිරීම මෙහි වැදගත් අංගයකි.
මෙම ව්‍යාපෘතිය මගින් නිලධාරීන්ගේ හැකියාවන් වැඩිදියුණු වී, ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන, ආදායම් සහ ව්‍යාපාරික හැකියාවන් වර්ධනය වන අතර, දේශීය ආර්ථිකයටද ඵලදායී දායකත්වයක් ලබා දීමට හැකි වේ.

අප අමතන්න

අපගේ ස්ථානය

Copyright © 2026 CP Agriculture | Powered by Pixalogy (PVT) Ltd.