නවයාලතැන්න පුහුණු මධ්‍යස්ථානය හා ගොවිපල - ගොවිපල සංවර්ධනය
නවයාලතැන්න දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය හා ගොවිපළ 1989 සිට ක්‍රියාත්මක වන අතර, අක්කර 2.5ක පමණ භූමි ප්‍රමාණයකින් සමන්විත වේ. මෙය කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයක් සහ ආදර්ශ ගොවිපළක් ලෙස පවත්වාගෙන යමින් රෝපණ ද්‍රව්‍ය, එළවළු සහ පලතුරු නිෂ්පාදනය සඳහා යෝග්‍ය ස්ථානයක් ලෙස ක්‍රියා කරයි.
මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ගුණාත්මක කෘෂි නිෂ්පාදන ප්‍රදේශයේ ජනතාවට ලබාදීම, ගොවීන් හා තරුණයන් සඳහා පුහුණු අවස්ථා සපයමින් දැනුම හා කුසලතා වර්ධනය කිරීම සහ ආදර්ශමත්, ලාභදායී ගොවිපළක් ලෙස සංවර්ධනය කිරීමයි. NVQ -04 මට්ටමේ කෘෂිකර්ම පුහුණු පාඨමාලාව හා අනෙකුත් කෙටි කාලීන පුහුණු වැඩසටහන් මෙහිදී ක්‍රියාත්මක කරයි.
ගොවිපළ තුළ ආදර්ශ ගෙවත්ත, කෙසෙල් වගාව, කොම්පෝස්ට් නිෂ්පාදනය, ආරක්ෂිත ගෘහතුල වගාව, මී මැසි පාලනය වැනි ඒකක පවත්වාගෙන යමින් පුහුණුලාභීන්ට ප්‍රායෝගික දැනුම ලබා දේ. එමෙන්ම පාංශු ඛාදනය පාලනය සඳහා සංරක්ෂණ ක්‍රමද භාවිතා කරමින් ගොවිපළ කාර්යක්ෂමව පවත්වාගෙන යයි.
මෙම ව්‍යාපෘතිය මඟින් ආදර්ශමත් පුහුණු මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීම, උසස් ගුණාත්මක රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය, ගුණාත්මක ආහාර නිෂ්පාදනය වැඩි කිරීම සහ දිස්ත්‍රික්කයේ ගොවීන්ට හා තරුණයන්ට ප්‍රයෝජනවත් සේවාවක් සැපයීම අපේක්ෂා කරයි.