දුරකථන

+94 81 238 8951
+94 81 238 8951
+94 81 238 8951

ඊමේල්

centprovag@gmail.com
info@agridept.cp.gov.lk

කාර්යාල ලිපිනය

තැ.පෙ. 64, සරසවි මාවත,
පේරාදෙණිය

ගල්පාලම ගොවිපල සංවර්ධනය

මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ගල්පාලම දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය හා ගොවිපළ අක්කර 23 කින් සමන්විත වන අතර, එහි අක්කර 7 කට ආසන්න භූමි ප්‍රමාණයක් වගා කටයුතු සඳහා භාවිතා කරමින් කැරට්, ලීක්ස් සහ බීජ අර්තාපල් වගා කරනු ලබයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවතින කඳුකර භූ විෂමතාවය, අධික වර්ෂාපතනය සහ නිරන්තර වගා රටාව හේතුවෙන් පාංශු ඛාදනය ගොවිපළ තුළ දැඩි ලෙස ඇතිවෙමින් පවතී.
මෙම තත්ත්වය සලකා බලා, පාංශු ඛාදනය අවම කර පාංශු හා ජල සංරක්ෂණය ශක්තිමත් කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ. ඒ සඳහා ගොවිපළේ C හා D වගා ක්ෂේත්‍ර (අක්කර 2.7) තුළ ගල් වැටි වැනි පාංශු සංරක්ෂණ ක්‍රම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මෙම ක්‍රියාමාර්ග මඟින් පසෙහි සාරවත්භාවය පවත්වා ගැනීම, පෝෂ්‍ය පදාර්ථ හා කාබනික ද්‍රව්‍ය සංරක්ෂණය, පසෙහි ව්‍යුහය සහ ජලය පවත්වා ගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීම, නායයාම් අවම කිරීම සහ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සිදු කරනු ඇත. අවසානයේ, බෝග අස්වැන්න සහ ගොවිපළේ සමස්ත ඵලදායීතාවය ඉහළ නැංවීමත්, භූමි භාවිත කාර්යක්ෂමතාවය වර්ධනය කිරීමත් අපේක්ෂා කරයි
NVQ -4 පාඨමලාවේ සිසුන්ගේ අධ්‍යන කටයුතු සඳහා ගොවීන්‍ගේ පුහුනු වැඩසටහන් සඳහා ආදර්ශමත් ගොවිපලක් ලෙස පවත්වාගෙන යාමත් වක්‍ර අරමුනක් ලෙස ඇත.

අප අමතන්න

අපගේ ස්ථානය

Copyright © 2026 CP Agriculture | Powered by Pixalogy (PVT) Ltd.