ගොවීන් තුළ නව තාක්ෂණය පිළිබඳව ඇති දැනුම් පරතරය අවම කිරීම
මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ මධ්‍යම පළාතේ ගොවීන්ගේ තාක්ෂණික දැනුම, කුසලතා සහ ආකල්ප සංවර්ධනය කරමින් කෘෂි නිෂ්පාදන කාර්යක්ෂමතාවය සහ ආදායම ඉහළ නැංවීමයි. සම්ප්‍රදායික කෘෂිකර්ම ක්‍රම භාවිතා කිරීම සහ නව තාක්ෂණ පිළිබඳ අවබෝධය අඩුවීම නිසා ඇතිවන ගැටළු විසඳීමටමෙම ව්‍යාපෘත්ය මගින් බලාපොරෝත්තුවේ.
ව්‍යාපෘතිය යටතේ ගොවි පුහුණු වැඩසටහන්, දැනුවත් කිරීමේ වැඩමුළු, කෘෂි ප්‍රදර්ශන, ක්ෂේත්‍ර ආදර්ශන සහ පර්යේෂණ-ව්‍යාප්ති සංවාද සංවිධානය කර ගොවීන්ට නව තාක්ෂණයන් සහ පරිසර හිතකාමී වගා ක්‍රම හඳුන්වා දීමට සැලසුම් කර ඇත.. එමඟින් රෝග හා පළිබෝධ පාලනය, නිෂ්පාදන ප්‍රවර්ධනය සහ ඵලදායීතාවය ඉහළ නැංවීමට උපකාරී වේ.
තවද, පළාත් මට්ටමේ තාක්ෂණික කමිටු රැස්වීම් මඟින් ගැටළු හඳුනාගෙන කාලෝචිත විසඳුම් ලබාදීම සිදු කරයි. මෙම ක්‍රියාකාරකම් හරහා දැනුමෙන් සන්නද්ධ ගොවි ප්‍රජාවක් නිර්මාණය කිරීම සහ දිගුකාලීන තිරසාර කෘෂිකාර්මික සංවර්ධනයක් ලබා ගැනීම අපේක්ෂා කරයි.
සමස්තයෙන්, මෙම ව්‍යාපෘතිය ගොවීන්ගේ ජීවන මට්ටම උසස් කිරීම සහ කෘෂිකර්ම ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා සැලසුම් කර ඇත.