දුරකථන

+94 81 238 8951
+94 81 238 8951
+94 81 238 8951

ඊමේල්

centprovag@gmail.com
info@agridept.cp.gov.lk

කාර්යාල ලිපිනය

තැ.පෙ. 64, සරසවි මාවත,
පේරාදෙණිය

තිරසර ගෙවතු සංවර්ධනය කිරීම

ගෘහස්ථ ආහාර හා පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා ගෙවතු වගාව ශ්‍රී ලංකාවේ වැදගත් වූවත් නවීකරණය හා නාගරීකරණය හේතුවෙන් එය අඩු වී ඇත. වර්තමානයේ ආහාර සුරක්ෂිතතාව, පෝෂණ ඌණතාව සහ සීමිත භූමිය වැනි ගැටළු හේතුවෙන් නවීන, පරිසර හිතකාමී ගෙවතු වගා පද්ධති නැවත ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය වේ.
මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ සීමිත ඉඩම් කාර්යක්ෂමව භාවිතා කර ගෙවතු වගා ඒකක ස්ථාපිත කිරීම මගින් පවුල් ආහාර සුරක්ෂිතතාව, පෝෂණ මට්ටම සහ ආර්ථික ස්ථායිත්වය වැඩිදියුණු කිරීමයි. එමඟින් වියදම් අඩු කර අතිරික්ත නිෂ්පාදන හරහා අමතර ආදායම් ලබාගත හැක.
මධ්‍යම පළාත තුළ තිරසර ගෙවතු 344ක් සහ සමෝධාන ගොවිපල 24ක් ස්ථාපිත කිරීමට යෝජිත අතර, ගුණාත්මක බීජ, යෙදවුම්, උපකරණ සහ තාක්ෂණික උපදේශන ලබාදීම සිදු කෙරේ.
ව්‍යාපෘතියේ තිරසාරභාවය ආර්ථික, සමාජ, පරිසර සහ තාක්ෂණික අංග මත පදනම්ව පවතින අතර, කාබනික වගාව, ජල සුරක්ෂණය සහ නවීන තාක්ෂණ භාවිතය මඟින් දිගුකාලීන ප්‍රතිලාභ ලබාගත හැක.
සමස්තයක් ලෙස, මෙම වැඩසටහන ගෙවතු වගාව ප්‍රවර්ධනය කර ආහාර සුරක්ෂිතතාව, පෝෂණය සහ ගෘහ ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වේ.

අප අමතන්න

අපගේ ස්ථානය

Copyright © 2026 CP Agriculture | Powered by Pixalogy (PVT) Ltd.