දුරකථන

+94 81 238 8951
+94 81 238 8951
+94 81 238 8951

ඊමේල්

centprovag@gmail.com
info@agridept.cp.gov.lk

කාර්යාල ලිපිනය

තැ.පෙ. 64, සරසවි මාවත,
පේරාදෙණිය

“GAP” (යහපත් කෘෂිකාර්මික පිළිවෙත්) සහතිකලත් ගොවිපල් පිහිටුවීම

මධ්‍යම පළාතේ සියළු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි, ඒකල හා ගම්මාන මට්ටමින් යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (“GAP”) සහතිකලත් ගොවිපල පිහිටුවීම 2026 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙම වැඩසටහන මගින් ප්‍රාදේශීය මට්ටමින් ගොවීන් සක්‍රීයව සම්බන්ධ කරගනිමින්, සංවිධානාත්මක හා ප්‍රමිතීන්ට අනුකූල කෘෂිකාර්මික පද්ධතියක් ස්ථාපිත කිරීම අපේක්ෂා කරයි.
මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ පිළිගත් කෘෂිකාර්මික ප්‍රමිතීන් (GAP) අනුව සුරක්ෂිත, ගුණාත්මක හා පාරිභෝගික සෞඛ්‍යය ආරක්ෂා කරන ආහාර නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමයි. එමගින්, පාරිභෝගිකයන්ට වසවිසෙන් තොර, විශ්වාසදායක කෘෂි නිෂ්පාදන ලබාගැනීමට අවස්ථාව සලසා දීමත්, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය උසස් කිරීමත් සිදුකරනු ඇත.
තවද, අවිධිමත් කෘෂි රසායන භාවිතය අවම කිරීම, පරිසර හිතකාමී කෘෂිකාර්මික පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම සහ ස්වභාවික සම්පත් සුරක්ෂිතව භාවිතා කිරීම මගින් තිරසාර කෘෂිකර්මයක් ගොඩනැගීමද මෙම වැඩසටහනේ වැදගත් අංගයකි. ඒ සමඟම, නිෂ්පාදන පිරිවැය කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීම හා ගුණාත්මක අස්වැන්න වැඩි කිරීම මගින් ගොවීන්ගේ ආදායම් මට්ටම ඉහළ නැංවීමද අපේක්ෂා කෙරේ.
2023 සිට 2025 දක්වා වර්ෂ වල ලබාගත් ප්‍රගතිය හා අත්දැකීම් මත පදනම්ව, 2026 වර්ෂයේදී වැඩි ගොවිපල සංඛ්‍යාවක් “SL-GAP” හා “GAP-B” සහතික මට්ටමට උසස් කිරීමට ඉලක්ක කර ඇත. තවද , මෙම වර්ෂය තුල නව “SL-GAP” හා “GAP-B” ගොවිපල 500 ඇති කිරීම ද ඉලක්ක ගත කොට ඇත . එමඟින්, ප්‍රාදේශීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ප්‍රමිතීන්ට අනුකූල නිෂ්පාදන සැපයුම පුළුල් කිරීමට හැකි වේ.
මෙම වැඩසටහන සමඟ SHEP (Smallholder Horticulture Empowerment and Promotion) වැඩසටහනද ඒකාබද්ධව ක්‍රියාත්මක කරමින්, වෙළඳපල මූලික කෘෂි නිෂ්පාදන පද්ධතියක් ප්‍රවර්ධනය කිරීම විශේෂ අවධානයක් යොමු කරයි. ඒ අනුව “Grow to Sell” සංකල්පය ප්‍රවර්ධනය කරමින්, ගොවීන් වෙළඳපල අවශ්‍යතා හඳුනාගෙන ඒ අනුව නිෂ්පාදන සැලසුම් කිරීමට දිරිගන්වනු ලබයි.
තවද, “GAP Corners” ස්ථාපනය කිරීම මඟින් GAP සහතික ලත් නිෂ්පාදන වෙනම හඳුනාගත හැකි ලෙස වෙළඳපල තුළ ප්‍රදර්ශනය කරමින්, පාරිභෝගිකයන්ට ගුණාත්මක හා සෞඛ්‍යාරක්ෂිත ආහාර පහසුවෙන් තෝරා ගැනීමට අවස්ථාව ලබාදේ. මෙම ක්‍රියාමාර්ග හරහා තිරසාර කෘෂිකාර්මික පද්ධතියක්, ශක්තිමත් අලෙවිකරණ ජාලයක් සහ උසස් ජීවන මට්ටමක් සහිත ගොවි සමාජයක් ගොඩනැගීම අපේක්ෂා කරයි.

අප අමතන්න

අපගේ ස්ථානය

Copyright © 2026 CP Agriculture | Powered by Pixalogy (PVT) Ltd.