නව තාක්ෂණය හා යහපත් කළමනාකරණ ක්‍රම හඳුන්වාදීම හා ප්‍රවර්ධනය
මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ මධ්‍යම පළාතේ (මහනුවර, මාතලේ, නුවරඑළිය) ගොවීන්ට නවීන කෘෂිකාර්මික තාක්ෂණ හඳුන්වාදීම හා ඒවා ප්‍රායෝගිකව භාවිතයට යොමු කරවීම තුළින් නිෂ්පාදන ඵලදායීතාවය හා ගුණාත්මය ඉහළ නැංවීමයි.
බිම් සැකසුමේ සිට නිෂ්පාදන පාරිභෝගිකයා වෙත ලැබෙන තෙක් සම්පූර්ණ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ගැලපෙන නව තාක්ෂණික ක්‍රම ගොවීන්ට හඳුන්වා දීමටත්, ආදර්ශන මගින් ඒවා සමාජගත කිරීමටත් සැලසුම් කර ඇත. 2026 වර්ෂයේ තෝරාගත් ගොවීන්ට 50% දායකත්වය යටතේ හෝ රජයෙන් උපරිම රු. 500,000ක් දක්වා සහන ලබාදී නව තාක්ෂණික උපකරණ ලබාදීමටද කටයුතු කරයි.
මෙම ව්‍යාපෘතිය මඟින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නව තාක්ෂණයට හුරුකරමින් යාන්ත්‍රික මෙවලම් භාවිතය වැඩි කර, අඩු පිරිවැයකින් උසස් ගුණාත්මක බෝග නිෂ්පාදනය හා වැඩි අස්වැන්නක් ලබාගැනීම අපේක්ෂා කරයි.
එමෙන්ම, නිෂ්පාදන වියදම් අඩු කිරීම, ගුණාත්මකභාවය වැඩි කිරීම, ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීම, සහ තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ඉලක්ක වේ.
සමස්තයක් ලෙස, කෘෂිකර්මාන්තය වෘත්තියක් හා වාණිජ ක්ෂේත්රයක් ලෙස ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ කෘෂි ආර්ථිකය තිරසාරව සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අපේක්ෂාව වේ.